Sunday, October 16, 2011

0 දයාබර ටයි මාමේ...

අද කුරුල්ල ආවෙ ඉතාමත් දුක්බර කතාවක් අරගෙන.ලොකු පොඩි හැමෝම එක ලෙස ආදරය කරපු අපේ "ටයි මාම" නැත්නම් ටයිටස් තොටවත්ත කියන ඒ අපූරු මිනිසා අපෙන් සමුගෙන ගිය නිසා කුරුල්ලගෙ පිටුවෙන් ඒ සදහා ඉඩක් වෙන්කරන්න තීරණය කලා.ඊයේ රාත්‍රියේදි ඒ කියන්නෙ 2011/10/15 එතුමා දැයෙන් සමු ගත්තා.



                            මියයනවිට 82 හැවිරිදි වියේ පසු වු තොටවත්තයන් චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් සහ චිත්‍රපට සංස්කාරක වරයෙක් වු එතුමා සිය හැකියාවන් වෙනුවෙන් සම්මාන රැසක් හිමිකර ගත්තා.
             
                                                                                                                                                                    

                                    
                      රේඛාව,සංදේශය,රන්මුතුදුව,ගැටවරයෝ,ධිවරයෝ, පරසතු  මල්,සාරවිට,සොරුන්ගෙත් සොරු,වසන්ති,පුංචි බබා,බඩුත්එකක් හොරු සහ හන්තානේ කතාව යන චිත්‍රපටවල සංස්කාරකවරයා වුයේ තොටවත්තයන්ය.චන්ඩියා කවුද හරි,හාරලක්ෂය සිහසුණ,සාගරිකා,මංගලිකා,මරුවා සමග වාසේ යන ලමුන් අතර ඉතා ජනප්‍රිය වු හදයා යන චිත්‍රපටවල අධ්‍යක්ෂක වරයා ලෙසද තොටවත්ත මහතා කටයුතු කල අතර මෙයට අමතරව රුපවාහිණි මාධ්‍යයේ හඩකැවිම් හා උපසිරසි කලාව ආරම්භ කිරිමෙහිලා ප්‍රමුකයාද වුයේ එතුමායි.
                     දොස්තර හොදහිත පිස්සු පුසා,හා හා හරි හාවා යන කාටුන් වැඩසටහන් රැසකද නිර්මාන කරුවා විය.




                 අවසාන වශයෙන් කුරුල්ලාගේ පිටුවෙන් එතුමාට මෙහෙම ප්‍රාර්ථනා එකතුකරනවා.
දයාබර ටයි මාමේ.සුවහසක් ළමා සිත් සුවපත් කරනු වස් කැපකල ඔබේ ජීවිතය මුලු ලොවටම ආඩම්බරයකි.ඔබට නිවන් සුව..... 

Wednesday, September 28, 2011

0 2012දී මොකද වෙන්නේ.....

                             අද කුරුල්ලගෙ බ්ලොගයෙන් 2012 දී වෙන්නට යනවැයි කියන ලෝක විනාශය ගැන කතාකරන්න තීරණය කොලා.ඇත්තටම 2012දී ලෝකෙ විනාශවෙනවනම් ඉතින් කුරුළු ගමන තවත් වේගවත් කොරන්න වෙයි කියල තමයි කුරුල්ලටනම් හිතෙන්නෙ..අද මේ කියන්න යන කතාව සයිබර් අවකාශයේ සැරිසරණ ගමනෙදි හම්බ වුන ඔයාලටත් වැදගත් වෙයි කියල හිතුන කාරණාවක්.  මේ දවස් වල ලෝක විනාශය ගැන ගොඩක් ලිපි පලවුනත් එවුවයෙ ඇත්ත නැත්තනම් ඉතින් ඔයාලටම තමයි තීරණය කරන්නට වෙන්නෙ..

පසු ගිය දා weeklyworldnews මගින් පල කල ලිපියකින් දැක්වුණේ 2012 වනවිට ලෝකය විනාශ කිරීම සදහා පිටසක්වල ප්‍රහාරක යානා තුනක් පැමිණෙන බවයි.එම පුවත අපේ රටේ එක් පුවත්පතකද පල කොට තිබුණා.

මේ දිනවල ලංකාව ඇතුළු ලෝකය පුරාම ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසය නිසා බොහෝ දෙනෙක් මෙය ලෝක විනාශයේ පෙරනිමිතිදැයි සැක පහල කරනවා. සියලු කරනු කෙරෙහි සැක පහල නොකොට ලෝක විනාශයක් ඇති විය හැකි කරුණු පිලිබද මුලින්ම සොයා බැලිය යුතුය.

පසුගිය කාලය පුරාම විවධ පර්යේෂණ වල ප්‍රතිපල ලෙස විද්‍යාඥයින් ලෝක විනාශයට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු කිහිපයක් සොයා ගෙන ඇත.සයන්ටික් ඇමරිකා සගරාව හෙළි කල පරිදි එම කරුණු මෙසේයි.

දේශගුණික විපරීථ ,පෘතුවි පෘෂ්ටයේ ඇතිවන විපරීථ හා විශ්වයේ සිදුවන ග්‍රාහක ගැටිම්ය.

මෙම සිදුවීම් තුල පහත දැක්වෙන ඒවාද ඇතුලත්වේ.


පෘතුවියට කඩා වදින සුරිය ගිනි දැල්
ගෝලීය උණුසුම මුල්කොටගෙන සිදුවන ක්‍රියාවලි
මරණිය වසංගත
ගම කිරණ විශ්වයේ බුබුළු සංසිද්ධිය
ගිනි කදු පිපිරීම්
භූ චලන හා භූ විනාශයන්
ග්‍රාහක ගැටීම


2012 ලෝක විනාසය සිදු වන බව කියවන කතාවේ මුලාරම්භය වනුයේ මායාවරුන්ගේ දින දර්ශනය 2012 -12 -21 පසුව අවසන් වන බවත් ඉන් පසුව ලෝකය විනාශය සිදුවන බවට ගොඩ නැගුන කතාවයි.

ක්‍රිස්තුපුර්ව 2600 පමණ ආරම්භ වූ මාය ශිෂ්ටාචාරය සැබවින්ම ගණිත විද්‍යාව හා තාරක විද්‍යාව අතින් ඉතා ඉහල දැනුමකින් යුක්ත පිරිසක් වුහ.එම නිසා එම කාරණයද සුළුවෙන් බැහැර කල
නොහැක.


නමුත් ලංකාව වැනි රටකට වඩා වැදගත් වනුයේ බුදු දහමේ හා ජෝතිශයේ අනුසාරයෙන් ලෝක විනාශය

Sunday, September 18, 2011

0 මදුරුවාට එරෙහිව මදුරුවෙක්

             අද කුරුල්ලාගේ බ්ලොගයෙන් මදුරුව ගැන කතාකොරන්න ඉඩක් වෙන්කරන්න කල්පනා කොලා.මේ දවස් ටිකේ කොලඹ පැත්තෙ වගෙම තවත් ගොඩක් පැති වල ඩෙ0ගු මදුරුවගෙන් කරදර සිද්දවෙනවයි කියල තමා කුරුල්ලට දැනගන්න ලැබුනෙ.කුරුල්ලගෙත් මිත්‍රයො කිහිප දෙනෙකුටම මේ ඩෙ0ගු වස0ගතය වැලදිල තිබුන.කුරුල්ලත් එක්කල රැදෙන ඔයාලගෙ ආරක්ෂාවටත් එක්කල තමා මේක දාන්නෙ ඕන්.ඩෙ0ගු වලින් ආරක්ෂා වෙන හැටිනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි වෙන්නෙ නෑනෙ ඉතින්.කට්ටිය අවට වට පිටාව සුද්ද පවිත්‍ර නොකෙරුවට කරන හැටිනම් ඕනිවටත් වඩා දන්නවනෙ?
                  හරි හරි..අද කියන්න යන දේ අපිට හොද උනාට මදුරුවනම් අකමැති දෙයක් වෙන්න ඕන...ඇමෙරිකාවේ ඇරිසෝනා කියන විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කට්ටියක් මරු සොයාගැනීමක් කොරල තියෙනවලු.ජානතාක්ෂනය ගැනනම් ඔයාල දන්නව ඇතිනෙ.මෙන්න මේ ජාන තාක්ෂණය යොදාගෙන "ප්ලස්මෝඩියම්" පරපෝශිතයට එරෙහිව සටන් කරන්න පුලුවන් නව මදුරුවෙක් නිර්මාණය කරන්නට මේ ගොල්ලො සමත් වෙලා තියෙනව.එතකොට ඉතින් ඔය ලෙඩ බෝකරන මදුරුව විනාශ වෙලා නව මදුරු විශේෂය ඒ තැනට පත්වේවි. හැබැයි ඉතින් මේ වැඩේ සම්පූර්ණ කොරන්න නම් තව අවුරුදු 10ක් විතර යයි කියල තමයි කුරුල්ලට ආරණ්චි වුනේ.ඒ වගෙම ලෝරන්ස් ලිවර්මෝර් ජාතික රසායනාගාරයේ "මයිනර්වෝල්ඩ්" කියන විද්ද්‍යාඥයා මදුරුවන්ව විනාශ කරන්න පුලුවන් ලේසරයකුත් නිපදවල තියෙනව කියල කුරුල්ලට ආරණ්චි වුනා..මදුරුවන්ගෙ ශරීරයෙන් පිටවෙන තාපය හදුනාගෙන මිනිස්සු,කුරුල්ලො වගේ අනිත් සත්තුන්ව මග ඇරල එයාලව විනාශ කරන්නට මේ ලේසරයට පුලුවන්ලු...

අපිට ඉතින් එච්චර කාලයක් බලාගෙන ඉන්න බෑනෙ නේද??ඒක හින්ද මෙන්න මේ පල්ලෙහා තියෙන software කෑල්ල බාගන්නකො මදුරු වදයෙන් මිදෙන්න...

Thursday, September 8, 2011

0 අපේ රටිනුත් දැන් හැකර් මෙහෙයුම්

        කුරුල්ලගෙ පහුගිය බ්ලොගයෙන් ඔයාට කිවුවනෙ ල0කාවෙ හැකර් කණ්ඩායමක් SLT එකේ DNS දත්ත ලීක් කොරලයි කියල.ඒක හින්ද කුරුල්ල කල්පනා කොලා මේ ලන්කාවෙ ඉන්න හැකර් කණ්ඩායම වගෙම DNS දත්ත ගැනත් ඔයාලව දැනුවත් කොරන්න.

       ඔය DNS දත්ත හොරකමට මූලික වෙලා තියෙන්නෙ අපි පහුගිය දවස් වල වැඩිපුර කතාකරපු Anonymouse ලගෙ ල0කාවෙ ඉන්න නියෝජිත කණ්ඩායම තමා.මේ ගොල්ලො SLT එකට විතරක් නෙවෙයි තවත් ල0කාවෙ ගොඩක් ආයතන වල DNS දත්ත ලීක් කොරල තියෙනව කියල තමයි කුරුල්ලට ආරණ්චි වුනේ...
          $.ශ්‍රී ල0කා රජයේ දත්ත ගබඩාවට,
          $.සීමන්ටෙක් ආයතනයේ නිල වෙබ් අඩවියට,
          $.පාර්ලිමේන්තු වෙබ් අඩවියට,
          $.නාවික බලකායේ වෙබ් අඩවියට,
          $.ඩයලොග්ලගෙ වෙබ් අඩවියට,
          $.Skype,
          $.Facebook,
          $.MicroSoft
   
            වගේ ආයතන වලට අදාල DNS දත්ත මේගොලො හොරකම් කොරලලු තියෙන්නෙ.ඒත් කුරුල්ලට ලැබුනු ආරණ්චි වලින් කියවුනේ මෙයාල දත්ත ලීක් කොලාට එව්ව වෙනස් කිරීම් වලට ලක් කොරන්නනම්(සමහරක) සමත් වෙලා නෑ කියල.කෙසේ වෙතත් මෙරට සිට සයිබර් ප්‍රහාරයක් එල්ල වු බවට මෙතෙක් තහවුරු වු සාධක නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය පවසනවා‍.
එවැනි ප්‍රහාරයක් එල්ල වුයේ නම් ජාත්‍යන්තරයෙන් සිය ආයතනය වෙත තොරතුරු ලැබෙන නමුත් එවැන්නක් මෙතෙක් ලැබී නොමැති බවයි එම ආයතනය පවසන්නේ‍.                 
කොහොම උනත් මේ හැම ආයතනයක්ම ඒගොල්ලන්ගෙ දත්ත වල ආරක්ෂාව වැඩි කොරගන්න නම් තීරණය කොරලයි තියෙන්නෙ.බලාගෙන ගියහම ල0කාවෙත් ඉන්නෙ මාර ඩයල්නෙ කියල කුරුල්ලට හිතෙනව....

මේ ගැන තවත් විස්තර පහත ලින්කු වලින් ගිහිල්ල බලන්නකො.
  http://news.hitb.org/

ඒ ගොල්ලන්ගෙ ප්‍රකාශය බලන්න Read More යන්නකො.

1 ල0කාවටත් හැකින් මේනියාව...

ඔන්න දැන් ල0කාවෙ කට්ටියත් හැකින් වැඩ පටන් අරගෙන කියල කුරුල්ලට ආරණ්චි වුනා..මේ ගොල්ලො SLT එකේ DNS දත්ත කාන්දු කොරල තියෙනව කියල තමයි ආරණ්චිය..


ශ්‍රි ලංකාවෙ විශාලතම සහ රාජ්‍ය අන්තර්ජාල සෙවා සපයන ආයතනයක් වන  ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම
ඇනෝනිමස් හැකර් කණ්ඩායමක් විසින් ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමෙ DNS එක කාන්දු වි ඇත.Primary DNS Server එක DNS Cache Snoop Poisoning with Zone  Poisoning/Transferring අදාරයෙන් හැක් කර ඇත.මුළු DNS Pool, Corporate Customers, Production Servers, Testbeds හි සියළුම දත්තයන් කාන්දු වි ඇත.සියලුම දත්තයන් පහත දක්වා ඇත.



Sri Lanka's Largest and National Telecom Provider's DNS Leaked by Anonymous Sri Lanka  Primary DNS Server Hacked with DNS Cache Snoop Poisoning with Zone  Poisoning/Transferring. Entire DNS Pool, Corporate Customers, Production Servers, Testbeds data leaked. by the hackers.details by Nidahas Kurulla,.





Sri Lanka's Largest and National Telecom Provider's DNS has been Leaked


EXCLUSIVE FROM - Anonymous Sri Lanka


WWW.SLT.LK -----> DNS Leaked and Busted


Sri Lanka's Largest ISP
Sri Lanka's National Telecom Service Provider


Primary DNS Server Hacked with DNS Cache Snoop Poisoning
with Zone Poisoning/Transferring (Data Leak)....!!

Hail to Anonymous, Lulzsec and Operation Anti-Sec...
Entire DNS Pool, Corporate Customers, Production Servers, Testbeds...!!!


-----   slt.lk   -----
[0m [1;31m


Host's addresses:
__________________


[0mslt.lk                                   5        IN    A        220.247.222.74
[1;31m


Name Servers:
______________


[0mp1.ns.slt.lk                             5        IN    A        203.115.0.1
s2.ns.slt.lk                             5        IN    A        203.115.0.19

Sunday, September 4, 2011

0 මායාකාරී රටා මවන මැජික් අ0කය


     ඔන්න අද නිදහස් කුරුල්ලගෙ ස0චාරයෙන් ඔයාලව ජර්මනියට කැන්දන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.අද කියන්නට යන මේ අපූරු සිදුවීම වාර්තාවෙන්නෙ ජර්මනියෙ නුරෙම්බර්ග් කියන ගම්මානයෙන්.හරියට විස්තර අතුව කිවුවොත් හෙම නුරෙම්බර්ග් වල හිටපු පුද්ගලයෙකුගෙ රජ සොයාගැනීමක් ගැන තමයි ඕ0 කියන්ට යන්නෙ.
මේ පුද්ගලයගෙ නම ඇල්බ්‍රට් ඩූරර්(Albrecht Durer).ඉපදිල තියෙන්නෙ 1471 මැයි 21 වෙනිද.මෙයා වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්.කෝ ඉතින් තාම මෙයා මොකක්ද හොයා ගත්තෙ කියල කිවුවෙ නෑනෙ..?.
      දවසක් මෙයා 4*4 කොටුවක් ඇදල ඕකෙ ඉලක්කම් ටිකක් දාගෙන ගියා.පස්සෙ ඉතින් ඕකෙ අර දාපු ඉලක්කම් ටික එක එක පැත්තට එකතු කොරලත් බැලුව.අප්පට බොල...රටා මහ ගොඩයි.ඇත්තටම නික0 මැජික් කොටුවක් වගේම තමා ඕන්.ඔයාලත් බලන්ටකො සිද්ධිය.


1).තිරස් අතට කොටුවල එකතුව බලන්න.   Eg : 16+3+2+13 = 34  

2).සිරස් අතට කොටුවල එකතුව බලන්න.    Eg : 16+5+9+4 = 34

3).කොන් හතරේ පිහිටි කොටුවල ඇති අ0ක වල එකතුව බලන්න.   Eg : 16+13+4+1 = 34

4).මෙහි අ0ක 3,8,14,5 සදහන් වන කොටු දෙස බලන්න.යම් රටාවකට වෘත්තාකාරව පිහිටා ඇති බව                 පෙනේ.දැන් එම කොටුවල ඇති අ0ක වල එකතුවද බලන්න.  Eg : 3+8+14+5 =  34
  ...මේ රටාවම යමින් ඉතිරි කොටුවලද එලෙසම සිදුවේ.  Eg : 2+12+15+5 = 34

5).මෙම කොටුවේ මැද පිහිටි කොටු හතරේ වු අ0ක වල එකතුවද බලමු.  Eg : 10+11+6+7 = 34

6).එමෙන්ම මුල් සිරස් පේලියේ 5,9 න් අගට සිරස් පේලියේ 8,12 න් යන අ0ක එකතුකර බලමු.                         Eg :  5+9+8+12 = 34
  ...මේ රටාවම යමින් තිරස් පේලි වලද සිදුවන්නේදැයි බලමු.  Eg : 3+2+15+4 = 34

7).දැන් කතිරයක් ආකාරයට යන පරිදි එක් මුල්ලක සිට අනෙක් මුල්ලට ඉලක්කම් වල එකතුවද බලන්න.
Eg : 16+10+7+1 = 34
       13+11+6+4 = 34

8).දැන් 5,3 යන අ0කත් 14,12 යන අ0කත් පිහිටා ඇති ස්ථාන දෙස බලන්න.යම් රටාවක් පෙනේවි.ඒවායේද එකතුව බලමු.  Eg : 5+3+14+12 = 34
  ...මේ රටාවම යමින් 2,8 ත් 9,15 ත් සලකමු.  Eg : 2+8+9+15 = 34

9).මේට අමතරව සරු0ගල් ආකාරයේ පිහිටි අ0ක රටාවද බලමු.
                                                                       Eg : 3+5+11+15 =  34
                                                                              2+8+10+14 = 34
                                                                              14+12+6+2 = 34


Saturday, August 27, 2011

0 මුහුණු පොත කොයිබටද?

ටික දවසකට පස්සෙ තමයි ඔන්න නිදහස් කුරුල්ලට නිදහසක් හම්බ වුනේ ඕන් බ්ලොග් එකක් දාන්න.පහුගිය දවස් ටිකේ කුරුල්ලට දෙහිවල පැත්තෙ සැරිසරන්නට සිද්ද වුනානොවැ.

     හරි හරි ඒ කතා වැඩක් නෑ.අද ඉතින් අලුත්ම බ්‍රේකින් නිවුස් එකක් තමයි ඕන් කුරුල්ල කියන්න යන්නෙ.පහුගිය දවස් කීපයෙ තිබුන ලොකුම හිසරදයක්නෙ ඉතින් fb එක හැකර්වරු විසින් හැක් කොරන්නට යනවැයි කියන එක.ඒත් ඔන්න දැන් Anonymouse කියන කණ්ඩායම නිවේදනයක් නිකුත් කොරල තියෙනවලු මේ වැඩේ කොරන්නෙ නෑ කියල.මෙන්න මේ ලින්කුවෙන් ගිහිල්ල වැඩි විස්තර
බලන්නකො.ඒත් ඉතින් තාමත් fb hacking ගැන කට්ටියගෙ තියෙන බයනම් තාම අඩුවෙලා නෑ වගේ තමයි පේන්නෙ.Anonymouse ලට තේරුනාද දන්නෙ නෑ හිතපු තරම් වැඩේ ලේසි නෑ කියල.මේ ගොල්ලො සාමාන්‍යයෙන් හදුන්වන්නෙ අන්තර්ජාල එකතුවක් (internet gathering) කියල.විකිලික්ස් වගෙම ඇමෙරිකානු රහස් එලිකරමින් 2004 දෙසැම්බරයෙදි තමයි මේ ගොල්ලො කරලියට ආවෙ.මේ ගොල්ලන්ගෙ විශේෂත්වය තමයි ගයිඩෝ ෆේකිස් (Guy Fawkes) කියන වෙස් මූණ පැලද සිටීම.
ඒ මොක උනත්  මේ දවස් ටිකෙ Mark මහත්තයත් fb එකට අලුත් අලුත් gadget කෑලි එකතුකරනොවැ.fb චැට් එකත් වෙනස් කොරල නොවැ.මේ දේවල් වලින් ඉතින් බලාපොරොත්තු වෙන්නෙ fb එකට කට්ටියව ආකර්ශණය කරගන්නට වුනත් fb පරිශීලකයොනම් මේකෙන් හොදටම හෙම්බත් වෙලා තියෙනව කියන එකනම් ඉතින් රහසක් නෙවෙයි.තවත් අලුත් ආරණ්චියක් තියෙනව කුරුල්ලට කියන්නට...

Wednesday, August 24, 2011

0 කවුද මේ හැකර්වරු?

අද අපෙ කුරුල්ල පහුගිය ලිපියෙන් වෙච්ච පොරොන්දුව ඉටු කරන්න තමයි යන්නෙ.හැකර්වරුන්ගෙන් දැන් මුලු ලෝකෙම ආරක්ෂා වෙන්න උත්සාහ කොරන කාලයක් නොවැ මේක.ඇත්තටම කවුද හැකර්වරු කියන්නෙ?වෙනත් පරිගනක ජාල වලට හොරෙන්ම ඇතුලු වෙලා එවුවැයි තියෙන දත්ත අනවසරයෙන් ලබාගන්න එහෙමත් නැත්නම් ඒවට හානි කොරන කට්ටියකට තමා හැකර්වරු කියන්නෙ.හැකර් කිවුවට මේගොල්ලන්ගෙත් කොටස් 2ක් ඉන්නව නොවැ.
      1.White Hat (Ethical Hacking )
      2.Black Hat
වයිට් හැට්ල කියන්නෙ හොද කට්ටිය.ඒ කිව්වෙ බ්ලැක් හැට්ලට එරෙහිව අවදියෙන් ඉන්න අය තමයි මේ ගොල්ලො.බොහොමයක් බැOකු ආරක්ශක අOශ වගේ අය මේ ගොල්ලන්ගෙ සහාය ලබාගන්නව.
Black Hat,hack banks steal credit cards and deface website

හැකර් කෙනෙක්ගෙ අවධි
   (1)Script Kiddies - මේ අය තමයි හැකිO වරු අතරෙ ප්‍රාතමිකම අය විදිහට සැලකෙන්නෙ.Edite Hacker ල Devolop කරපු tools භාවිත කිරීම විතරයි මේගොල්ලො කරන්නෙ.
   (2)Intermediat Hackers - මෙයාල Computers,Networks ගැන දැනුමක් තියෙනව වගේම තමන් භාවිතා කොරන Script 1න් මොකක්ද වෙන්නෙ කියන එක පිලිබදව සාමාන්ය Programming Knowledge 1ක් තියෙනව.
   (3)Edite Hacker - මෙන්න නියම වැඩ කාරයො.මෙයාල තමන්ට ඕනි Script 1 තමන්ම හදාගන්නව.

ඔයාලත් හැකර් කෙනෙක් වෙන්න ආසද?එහෙනම් ඉතින්Script Kiddies කෙනෙක් වෙනවද නැත්නම් Edite Hacker කෙනෙක් විදිහට තමුන්ගෙම ගමනක් යනවද කියල තීරණය කොරන්න ඕනි ඉතින් ඔයාලම තමයි.මොක වුනත් මේ හැම දේම ලෝකෙ යහපත වෙනුවෙන් යොදාගත්තොත් තමා හොද කියල තමයි ඉතින් අන්තිමේදි කුරුල්ලටනම් කියන්ට තියෙන්නෙ.

අමතර : හුගාක් Hacking tols Run කරන්න පුලුවන් Linux වල විතරයි කියන එකත් මතක තියාගන්ටකො..
මෙන්න වීඩියෝ එකක්..

Monday, August 22, 2011

0 මුහුණු පොතේ අවසානය ලගද?

ලෝකෙ වටේ යන ගමනෙදි අපේ මේ කුරුල්ලට දැනගන්න ලැබුණු ආරOචියක් ගැන තමයි අද කියන්න යන්නෙ.ලOකාවෙ වගෙම මුලු ලෝකෙම කට්ටිය අබ්බැහිවෙලා ඉන්න එකක්නෙ ඉතින් facebook එහෙමත් නැත්නම් මුහුණු පොත කියන්නෙ.අද කුරුල්ල facebook ගැන කතා කරන්න ගත්තෙ විශේශ දෙයක් නිසයි.2011/නොවැම්බර්/05 මුහුණු පොතේ අවසානය කියල අනතුරු ඇගවීමක් නිකුත් වෙලා තියෙනවලුනෙ..අනේ ඉතින් මේ කුරුල්ලනම් නෙවෙයි ඔය අනතුරු ඇගවීම කරල තියෙන්නෙ.Anonymous කියන ලෝකප්‍රසිද්ධ හැකර් කණ්ඩායම තමයි මේක කියල තියෙන්නෙ.facebook එකේ ඉන්න ඇතැම් කට්ටියගෙ විස්තර එහෙම ෆේස් බුක් එකේ මහත්තුරු ඇමෙරිකානු ආරක්ශක කණ්ඩායම් වලට ලබාදෙන බවටත් මේ ගොල්ලො චෝදනා කරනව.facebook නිර්මාත්තෘ Mark Zuckerberg මහත්තය නම් මේ කතාව තරයේම ප්‍රතික්ශේප කොරල තියෙනවයි කියල තමයි කුරුල්ලට
ආර0චි උනේ...


2011/ජූලි මාසය වෙනකොට මිලියන 750 කට වඩා කට්ටියක් facebook එක්කල එකතුවෙලා තියෙනව නොවැ.ඒ වගෙම 2010 අග වෙනකොට facebook වල ආදායම ඇ.ඩො.බිලියන 2ටත් වැඩියිලු.බැරිවෙලා හරි මේකට දරුණු හැකර් ප්‍රහාරයක් එල්ල උනොත් එහෙම සෙල්ල0ද කොල්ලෝ කිව්වලු..ඔක්කොම කොට උඩනෙ...

මේ හැකින් ප්‍රහාර ගැන ඉදිරියෙදි
වැඩියෙන් කතා කලොත් හොදයි කියල කුරුල්ලට හිතුනෙ මේ ආරණ්චියත් එක්කල තමයි.facebook එකත් එක්කල සම්බන්ද වෙලා 2000කට වඩා සේවක පිරිසක් රටවල් 15කට වඩා විසිරිලා ඉන්න බව ඔයගොල්ලො දන්නවද?
ඒක හින්ද Mark මහත්තයත් කල් අතුවම මේ hacking ප්‍රහාරයට මුහුන දෙන්න සූදානම් වෙනව ඇති.
මොකද Anonymous කියන්නෙත් සෙල්ලම් කට්ටියක් නෙවෙයි හින්ද.අපි බලාගෙන ඉමුකො.2011/නොවැම්බර්/05
වෙනිද මොකද වෙන්නෙ කියල.......Anonymous සහ haking ගැන ඉස්සරහට තව වැඩිපුර විස්තර ටිකක් කියල දෙන්නම්කො.....

Sunday, August 21, 2011

0 මුදලාලිගෙ වාසනාව

අපේ මේ නිදහස් කුරුල්ල ලෝකෙ වටේ සැරිසරන ගමනෙදි බොහොම අපූරු ඇබැද්දියකට මුහුන දුන්න නොවැ.බයවෙන්ට කාරියක් නෑ.ඇබැද්දියක් කිව්වට ඉතින් ලොකු අනතුරක් හෙම නොවෙයි.සිද්දිය කෙටියෙන් කිව්වොත් හෙම මේකයි උනේ...අපේ කුරුල්ල කඩමණ්ඩිය පැත්තෙන් පියාඹගෙන පියාඹගෙන යනකොට ඕන් එක ගිනි විච්චුම්බරයයි.කඩේ මුදලාලි මහත්තය කාටදෝ මන්ද බණිනව බණිනව ඉවරයක් නෑ...අපේ කුරුල්ලත් ඉතින් ඕවගෙ දේවල් වලට හොට දානව වැඩියිනෙ..ඒක නිසාම ලගට ටිකක් කිට්ටු කරල බැලුව..
මේකයි සිද්දිය...මුදලාලිගෙ කඩේ බඩු කිරන 40kg තරාදි පඩිය කඩේ වැඩකරන කොල්ල අතින් බිම වටිල..මේක කෑලිවලට කැඩිල ගිහිල්ල නොවැ..හරියටම කිව්වොත් කෑලි 4කට.කොල්ලත් ඉතින් කොරගන්ඩ දෙයක් නැතුව බිම බලාගෙන ඉන්නව...කුරුල්ලටනම් ඉතින් පව් කියලත් හිතුන..ඕක ඉතින් මේ බ්ලොග් එකේ දාන්න තරම් දෙයක්යැ.ඔයගොල්ලො කල්පනා කොරනව ඇතිනෙ.. මෙහෙමයි..
ඔතන හිටිය ටිකක් පිලිවෙලකට ඇද පැලද ගත්තු මහත්තයෙක්.එයත් ඔය සිද්දිය බලාගෙනයි හිටියෙ.එයා අර කැඩුනු පඩ් 4 අරගෙන බැලුව.මෙහෙම ඉදපු මෙයා මුදලාලිගෙ කනට කොරල රහසක් කිව්ව.ශා......මුදලාලිට මාර සතුටුයි..හැම දේම වෙන්නෙ හොදටයි කියනවනෙ..මුදලාලිට දැන් 1kg ඉදල 40kg වෙනකම් ඕනෑම බරක් කිරාගන්ට පුලුවන් වෙලා නොවැ......
ඇත්තටම හිතන්න පුලුවනිද මොකක්ද වෙලා අත්තෙ කියල.ඒ කිව්වෙ අර පඩි කෑලි 4 බරවල් වෙන වෙනම කියන්න පුලුවනිද කියල........පොඩ්ඩක් හිතල බලන්නකො......උත්තරේ ඉතින් පස්සෙ කියන්නම්කො.......




















Friday, August 12, 2011

0 කෙප්ලර්ගේ නියතය..

නිදහස් කුරුල්ලාගේ පළවෙනි සOචාරක ගමන විදිහට හැමෝම ඉතින් ටිකක් අමාරුයි කියන ගණිතයේ සොදුරු තැන් හොයාගෙන යන්නට කල්පනා කෙරුව..අත්තටම ගණිතය කියන්නෙ අමාරු විශයක්ද??මේ ගැන හොයන්නත් එක්කල අපේ කුරුල්ල ගණිත පොත් පිටු පෙරලන්නට කාලය වැය කොරන්න තීරණය කොලා.එතකොට තමයි මෙන්න මේ අපූරු රටාව දකින්න හම්බවුනේ ඕන්..ටිකක් බලන්ටකො...ගණිතය කියන්නෙත් අත්තටම සුන්දර විශයක් බව
තේරේවි...


1) ඕනෑම ඉලක්කම් 4ක සංඛ්යාවක් ගන්න [හැබැයි ඔක්කොම එකම ඉලක්කම නොවන]
[උ.දා: - 4326 කියමු]
2)  දැන් ඒ සංඛ්යාවේ ඉලක්කම් එහා මෙහා කරලා හදන්න පුළුවන් විශාලම සංඛ්යාවත්කුඩාම සංඛ්යාවත් හදන්න.
විශාලම සංඛ්‍යාව හදන්න නම් ලොකුම ඉලක්කම දහස්ථානයටත් ඊළඟට ලොකුම ඉලක්කම සියස්ථානයටත් ආදී වශයෙන් ලිව්වාම හරි]
[මුලින් ගත්ත උදාහරණයට අනුව 6432]
කුඩාම සංඛ්‍යාව හදන්න අනික් පැත්තට ඉලක්කම් අසුරන්න.
[මුලින් ගත්ත උදාහරණයට අනුව 2346]
3) දැන් අළුත් සංඛ්යයා දෙකෙන් ලොකු එකෙන් කුඩා එක අඩු කරන්න.
[උ.දා: - 6432 – 2346 = 4086]
4) ලැබුණු සංඛ්යාවට ආයෙමෙත් පියවර අංක දෙකේ සිට කර ගෙන එන්න.
මෙහම දිගටම කරගෙන ගියාම එක වෙලාවක අංක 6174 ඇවිල්ලා එතනින් එහාට හැම වෙලේම 6174න් නතර වෙනවා. මෙම අපූරු රටාව හොයා ගත්තේ ඉන්දීය ජාතික ගණිතඥයෙක් වන D. R. Kaprekar. ඒ නිසාම අංක 6174 ට Kaprekar ගේ නියතය කියලත් කියනවා.
දැන් සම්පූර්ණ උදාහරණයක් අරන් බලමු. පටන් ගන්න ඉලක්කම විදියට ගම්මු 3425
[5432-2345 = 3087]
[8730-0378 = 8352]
[8532-2358 = 6174]
[7641-1467 = 6174]
[7641-1467 = 6174]
………..

ඔබත් වෙනස් විදිහෙ ඉලක්කම් අරගෙන උත්සාහ කොරල බලන්ටකො මේ කතාව ඇත්තද කියල.............

Sunday, August 7, 2011

0 කුරුලු ගීතය...

ලෝකයේ සුන්දර තෑන් සොයා යන්න,ලෝකයේ විශ්මිත තෑන් බලන්න,සොදුරු සිතුවිලි සමග අත්වෑල් බෑද ගන්නට මෙච්චර කාලයක් මේ අපේ කුරුලු හාමිට නිදහසක් කියල තිබුනෙ නෑ නොවෑ...දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපු කුරුලු හාමිට ඔන්න නිදහසේ සෑරි සරන්න කූඩුවෙ දොර ඈරිල.නිදහස් කුරුල්ලෙක් වෙලා...දෑන් ඉතින් මේ නිදහස් කුරුල්ල ලෝකෙ වටේම කරක් ගහන්නය් සූදානම් වෙන්න හදන්නෙ.කූඩුවකට වෙලා පාලුවේ,තනිකමේ හිටියට මොකද මේ ගමන යන වෑඩේට ඔයගොල්ලො ඔක්කෝමත් එකතු කරගන්නට නිදහස් කුරුල්ල කල්පනා කෙරුව.නිදහස් කුරුල්ලට එකක් කියල නෑ නොවෑ ඉතින්.හොදය්ය කියල හිතෙන ඕනෑම එකක් එහෙමත් නෑත්නම් ඕනෑම දෙයක් හොයාගෙන හොයාගෙන ඉගිලෙන්නට තමා කල්පනාව.අපේ මේ නිදහස් කුරුල්ල ගෙදරටම වෙලා හිටියට මොකද ලෝකෙ පෙරලෙන අතනම් හොදට දෑනගෙන උන්න.ඒක හින්දමද කොහෙද තමා අලුත්ම දෑනුම ඒ කියන්නෙ කශ්ටිය වෑඩිය නොදන්න දේවල් හොයාගෙන යන්නට හිතුවෙ.මේක ඉතින් නිදහස් කුරුල්ලට වාගෙම ඔයාලටත් අලුත් අත්දෑකීමක් වේවි කියල තමය් නිදහස් කුරුලගෙ කල්පනාව.කාලෙන් කාලෙට අලුත් අද්දෑකීම් ලෑබේවි ඕන්..කුරුල්ලත් එක්කල දිගටම ඉන්නය් කියාල තමය් ඉතින් අන්තිමේදී කියන්ට තියෙන්නෙ...........

Saturday, August 6, 2011

0 Love...........



LiFe hAs 5 sTar.....
MoTher is tHe tOp stAr...
FatHer is tHe kIng staR...
TeAcHer is tHe ultimate sTar....
LoVe is thE aGonIsinG stAr....
FrIenDs is tHe rEaL stArRr.......

..............................................................

WeLlCOme mY fRiENds..................
we will try to change our world
 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla