Sunday, September 18, 2011

0 මදුරුවාට එරෙහිව මදුරුවෙක්

             අද කුරුල්ලාගේ බ්ලොගයෙන් මදුරුව ගැන කතාකොරන්න ඉඩක් වෙන්කරන්න කල්පනා කොලා.මේ දවස් ටිකේ කොලඹ පැත්තෙ වගෙම තවත් ගොඩක් පැති වල ඩෙ0ගු මදුරුවගෙන් කරදර සිද්දවෙනවයි කියල තමා කුරුල්ලට දැනගන්න ලැබුනෙ.කුරුල්ලගෙත් මිත්‍රයො කිහිප දෙනෙකුටම මේ ඩෙ0ගු වස0ගතය වැලදිල තිබුන.කුරුල්ලත් එක්කල රැදෙන ඔයාලගෙ ආරක්ෂාවටත් එක්කල තමා මේක දාන්නෙ ඕන්.ඩෙ0ගු වලින් ආරක්ෂා වෙන හැටිනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි වෙන්නෙ නෑනෙ ඉතින්.කට්ටිය අවට වට පිටාව සුද්ද පවිත්‍ර නොකෙරුවට කරන හැටිනම් ඕනිවටත් වඩා දන්නවනෙ?
                  හරි හරි..අද කියන්න යන දේ අපිට හොද උනාට මදුරුවනම් අකමැති දෙයක් වෙන්න ඕන...ඇමෙරිකාවේ ඇරිසෝනා කියන විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කට්ටියක් මරු සොයාගැනීමක් කොරල තියෙනවලු.ජානතාක්ෂනය ගැනනම් ඔයාල දන්නව ඇතිනෙ.මෙන්න මේ ජාන තාක්ෂණය යොදාගෙන "ප්ලස්මෝඩියම්" පරපෝශිතයට එරෙහිව සටන් කරන්න පුලුවන් නව මදුරුවෙක් නිර්මාණය කරන්නට මේ ගොල්ලො සමත් වෙලා තියෙනව.එතකොට ඉතින් ඔය ලෙඩ බෝකරන මදුරුව විනාශ වෙලා නව මදුරු විශේෂය ඒ තැනට පත්වේවි. හැබැයි ඉතින් මේ වැඩේ සම්පූර්ණ කොරන්න නම් තව අවුරුදු 10ක් විතර යයි කියල තමයි කුරුල්ලට ආරණ්චි වුනේ.ඒ වගෙම ලෝරන්ස් ලිවර්මෝර් ජාතික රසායනාගාරයේ "මයිනර්වෝල්ඩ්" කියන විද්ද්‍යාඥයා මදුරුවන්ව විනාශ කරන්න පුලුවන් ලේසරයකුත් නිපදවල තියෙනව කියල කුරුල්ලට ආරණ්චි වුනා..මදුරුවන්ගෙ ශරීරයෙන් පිටවෙන තාපය හදුනාගෙන මිනිස්සු,කුරුල්ලො වගේ අනිත් සත්තුන්ව මග ඇරල එයාලව විනාශ කරන්නට මේ ලේසරයට පුලුවන්ලු...

අපිට ඉතින් එච්චර කාලයක් බලාගෙන ඉන්න බෑනෙ නේද??ඒක හින්ද මෙන්න මේ පල්ලෙහා තියෙන software කෑල්ල බාගන්නකො මදුරු වදයෙන් මිදෙන්න...

0 comments:

Post a Comment

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla