Monday, August 27, 2012

2 ලංකාවේ අපිටම වෙන්වූ ශ්‍රීfacebook


අදත් කුරුල්ල කලබලෙන්ම වගේ දුවගෙන ආවෙ ඔයාලට අලුත්ම තොරතුරක් දෙන්න. ඔයාල දන්නවනෙ ඉතින් නැවුම් දේ ,,අළුත් දේ හැමදාම කුරුල්ල ඔයාලට තිලිණකරන විත්තිය.හරි හරි වැඩි කතා ඕනි නෑ.
ඔයාල දන්නවනෙ ඉතින් facebook ගැන. හික් හික්.. මොකද අපි නොදන්නෙ??උදේ ඉදන් රෑ වෙනකන්ම facebook එකේ ඉන්න අපිට මොනාද මේ facebook ගැන කියන්න හදන්නෙ කියල. ඒත් මේ facebook නම් නොවේ.හුටා !!! එහෙනම්???  මේක  ශ්‍රීfacebook. ලංකාවෙ අපිටම කියල වෙන්වුනු මිතුරු සමාජ ජාලයක්.



මේක පටන් අරගෙන තාම් වැඩි දවසක් නෑ.හරියටම කිවුවොත් අගෝස්තු 14 වෙනිද උදේ 11.00ට තමා මේ ශ්‍රීfacebook පටන් අරගෙන තියෙන්නෙ.ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.නම හර්ශ..මෙයාගෙ වයස අවුරුදු 29යි.
ශ්‍රීfacebook වෙතට පිවිසුනාම ඔයාලට දකින්න ලැබෙන්නෙ මෙහෙමයි.



ශ්‍රීfacebook එකේ වැඩ තනිකරම වෙන්නෙ සිංහලෙන්.දැන් ඉංග්‍රීසි වලට මෙච්චර කාලයක් අකමැත්තෙන් හිටපු අයට කියාපු පිලියමක්.සිංහල භාෂාව සයිබර් අවකාශය හරහා ලෝකය අතරට ගෙනයන ගමනට මේ මිතුරුසමාජ ජාලයත් ගොඩක් උපකාරී වෙයි කියල කුරුල්ල විශ්වාස කරනව.
ඔයාලත් මේ මිතුරුජාලයත් එක්ක එක්වෙන්න කැමතිනම් පහත සබැඳියෙන් අළුත් ගිණුමක් විවෘත කරගන්න.



 වැඩිය විස්තර කරන්න දෙයක් නෑ.හැමෝම දන්න කියන භාෂාවෙන්නෙ තියෙන්නෙ.ශ්‍රීfacebook ගැන ඒකෙ www.srifb.com web team එක සඳහන් කරන්නෙ මෙහෙමයි.

                ~~~~~~~~~~~~~~~~~~~
 අප දැක්ම - සමාජයට යහපතක් වන හිතකාමි සමාජ ජාලයක් නිර්මාණය....
අපේ මෙහෙයුම - ශ්‍රි ලාංකික සියල්ලන් මෙහි සාමාජිකයන් වීම තුලින් ලංකාවේ අංක 1 සමාජ ජාලය වීම

අපේ අරමුණ ලංකාවේ හැමොටම එකතු වන්න පුලුවන් අපේම කියා අනන්‍යතාවයක් ගොඩනැගෙන සිංහල මුණුපොතක් නිර්මාණය කිරීමයි. ලංකාවේ භාෂා අවබෝධය අවම කම නිසා මුලුගැන්වුනු සන්නිවේදනය යලි ගොඩගැනිමට යම් දායකත්වයක් දැක්විම අප පරම අභිලාෂයයි. අපේ දේ අගය කරන්නන්ට මෙය මහගු රුකුලක් වනු නොඅනුමානයි. එවිට ඔබට ඔබේ නෑ හිතවතුන් මිතුරන් පවුලේ අය සමග හිතවත්කම වඩවඩා පුලුල් වනු ඇත. සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසියෙන්ද මෙම අඩවිය ඔබට පාවිච්චි කලහැක.

මෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු අතිශය සුරක්ෂිත අයුරින හැසිරවිය හැක. තවද ඔබගේ ගිණුමේ වැදගත් තොරතුරු කාටවත් හොරෙන් ලබා ගතනොහැක. මක්නිසාද අප එම තොරතුරු ඔබගෙන් ගනු ලබන්නේ සුරක්ෂිත සම්බන්ධයකිනි. (secured connection). ඒවා ආරක්ෂා කිරීමට අපි බැදි සිටිමු. එයයි අපේ වගකිම. එය අපි නොපිරි හෙලා ඉටුකරමු.

ෆේස්බුක් එක වගේම තමාගේ පැතිකඩක් සාදාගත හැකිය. තවද එය තමාට අවශය පරිදි නිර්මාණය කරගත හැක. තමාගේ ඡායාරූප විඩියො තමාට අවශ්‍ය පරිදි තබා ගත හැක.

මිතුරන් සෙවිය හැක. සොයා ඔවුන්හට මිතුරුවිමේ ඉල්ලීම් යැවිය හැක.

තමාගේ ප්‍රේක්ෂක පිටු නිර්මාණය කරගත හැක. එමගින් මිනිසුන් අතරට යාහැක. තවමත් නොයෙක් අතහදා බැලිම් කරමින් සිටී ... ඉදිරියට නවතම අංගෝපාංග (apps, development ) වලින් මෙය සමන්විත වනු ඇත. ලගදිම ටයිම්ලයින් ප්‍රේක්ෂක පිටු වලට අනුයුක්ත වේ.

තමන් ආසා කැමති කරන අය. ඡායාරුප . පිටු නම් කල හැක. මිතුරන්ට සංඥා කල හැක. යහලුවන්ට මිතුරුවිමට තවත් යහලුවන් නම් කලහැක. කැමති ඡායාරුප හො ඕනැම දෙයක් යහලුවන්හට යෝජනා කලහැක.



තමාගේ ෆේස්බුක් ටයිම්ලයින් එක සහ නිවුස්ෆිඩ් එක මෙහි සිටම නැරඹිය හැක. එම නිසා ෆේස්බුක් වලට ඇබ්බැහි වු අයට මෙහි සිටම තමාගේ ෆිඩ්ස් අප්ඩේට්ස් දැකිය හැකිවේ. එමගින් කාලය ඉතුරු කරගත හැක. තවද මෙහි පවුරට එකතු කරන දේවල් එවලේම ඔබගේ ෆේස්බුක් පවුරටද එක්කල හැක.

සියලු නොටිෆිකේෂන් සජීවිව එවෙලේම දැකිය හැකි අතර කොපියක් තමා තොරාගත් භාෂාවේන්ම ඊමේලයට යනු ඇත. එය අවශ්‍යනම් පාලනය කල හැකිය.

මෙහි තවත් වැදගත්ම අංගයක් වනුයේ චැට් විශේෂාංගයයි. එහි විස්තර කෙටියෙන් පහත දැක්වේ.

"යහලුවන් සමග ඔන්ලයින් ගේම් සෙල්ලම් කිරිම, ග්රුප් කන්වසේෂන් පුලුවන්
ප්‍රයිවේට් කන්වසේෂන් පුලුවන්
යහලුවන්ට චැට් රුම් වලට ආරාධනය කිරීමේ හැකියාව...
ඉංග්‍රිසි ටයිප් කර සිංහලට පරිවර්තනය කරමින් චැට් කිරීමේ හැකියාව.
චැට් එකට ෆයිල් ඇටැච් කර යැවිමේ හැකියාව, රුපයක් ඇදයැවිමේ හැකියාව
ෆේස්බුක් එකේ ඔන්ලයින් සිටින යහලුවන් සමග එහි සිට චැට් කිරීමේ හැකියාව, ජි ටොක් යහලුවන් සමග එවෙලේම චැට් කිරීමේ හැකියාව, ඔෆ් ලයින් සිටීමට හැකියාව"

තව අපට බොහොදුර යාමට තිබේ. මෙය ආරම්භය පමණයි. එන්න ශ්‍රී ලාංකික මිතුරන් හා එක්වන්න.
කථාබහ කරන්න. ලංකාවේ සැවොම මෙහි සාමාජිකයන් විම අප පරම බලාපොරොත්තුවයි.

             ~~~~~~~~~~~~~~~~~~~


ලංකාවෙ අපේම කොල්ලන්ට මේවගෙ දේවල් තවත් කරන්න සුබපතන ගමන් කුරුල්ල යන්න කියල තමයි හදන්නෙ.යන්න ඉස්සෙල්ල විශේෂ දෙයක් කියන්නත් ඕනි.ඔයත් ශ්‍රීfacebook ගැන මුලින්ම දැනගතෙ කුරුල්ලගෙන්නම් ගිණුමක් හදපුගමන් කුරුල්ලගෙ පේජ් එකට friend request 1ක් එවන්නත් අමතක කරන්න එපා හොඳේ. කුරුල්ලාගෙ ශ්‍රීfacebook ගිණුමට පහත සබැඳියෙන් යන්න පුළුවන්.





2 comments:

  1. Supirima wadak.maxaaaa..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.කමෙන්ටුවට ස්තූතියි මිත්‍රයා

      Delete

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla