Wednesday, August 15, 2012

2 ගැටකපන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.


                                     මාතෘකාව දැක්කම ඔයාල කල්පනා කරනව ඇති අද මොකක් ගැනද මේ කියන්න යන්නෙ කියල.ගැට කපන්නො එහෙමත් නැත්නම් pickpocket කාරයො කිව්වහම හැමෝටම මතක් වෙන්නෙ බස් එකේ තෙරපි තෙරපි යන ගමන් බිමන් ගැනනෙ.බස් එකෙන් බහිනකොට ලස්සනට අපේ මුදල් පසුම්බියට,එහෙමත් නැත්නම් ජංගම දුරකථනයට වැඩේ දීල තියෙනවනෙ.හැබැයි ඉතින් ගැටකපනව කියන ඒකත් ලේසියෙන් කරන්න පුළුවනැයි.මනා ඉවසීමක් හා හොද පුහුණුවක් අනිවාර්යෙන්ම තියෙන්ට එපායැ.නැත්නම් ඉතින් දන්නවනෙ වෙන වැඩේ.

ඔයාල දන්නවද.වැඩියෙන්ම ගැට කපන්නො ඉන්නෙ කොහෙද කියල.ලංකාවෙත් ටික දෙනෙක් හිටියට ලෝකෙ වැඩියෙන්ම ගැට කපන්නො ඉන්නෙ බාර්සිලෝනා වල සහ රෝමයේ.







ඔයාල හැමෝම වගේ බලල තියෙන ජේම්ස් ‍ෆ්‍රීඩ්මන් විසින් 2005දි හදපු  ‍ෆිල්ම් එකක් වන ඔලිවර් ට්විස්ට් වලත් කියවෙන්නෙ ගැට කපන්නන්ට අසුවෙච්ච පුංචි කොළුගැටයෙක් ගැනනෙ.‍ෆිල්ම් එක බලල නැත්නම් ඔයාල චාර්ල්ස් ඩිකන්ස් ලියපු  ඔලිවර් ට්විස්ට් නවකතාව හරි පරිවර්ථනයක් හරි කියවල ඇති කියල කුරුල්ල හිතනව.








                    ලෝකයේ ඉන්න දක්ෂතම ගැට කපන්නෙක් තමයි බොබ් අර්නෝ කියන්නෙ.මෙයා උපතින් ස්වීඩන් ජාතිකයෙක්.ඒත් 1992 දී ඇමෙරිකානු පුරවැසි භාවය ලබාගෙන තියෙනව.How to Avoid Thefts, Cons, and Street Scams(Bonus Books, 2003) ආදී පොත් පවා මොහු ලියා තිබෙනවා.හැබැයි විහිලුවට තමා මෙහෙම කරන්නෙ.ඇත්තට කරන්න ගියොත් ඉතින් වෙන දේ දන්නවනෙ.විකිපීඩියාවෙ මෙයා ගැන ගොඩක් විස්තර තියෙනව.බලන්න මෙතනින් යන්න.

මෙයාගෙ වෙබ් අඩවියත් බොහොම අලංකාර එකක්.ඒක බලන්න මෙතනින් යන්න.

ප්‍රසිද්ධ වේදිකාවට ගෙන්වන මහත්වරුන්ගේ නොයෙක් දේවල් ලස්සනට හොරකම් කරන හැටි ඔයාලට පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවනි.





Mediafire වලින් මේ වීඩියෝව download කරගන්න පහත සබැදියේ ක්ලික් කරන්න.
                                         


මොහුගේ තවත් වැඩ කිඩ බලන්න පහත සබැදියේ කොටන්න.


                                       



2 comments:

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla