Saturday, August 4, 2012

0 ඔබටත් ඡන්දය තියෙනවාද??


   ඡන්ද උණුසුමත් මේ දවස් ටිකේ ටිකෙන් ටික වැඩිවෙන හින්ද කුරුල්ලගෙ අවධානයත් ටිකක් ඒ පැත්තට යොමුවෙලා.කොහොම උනත් ඔය ඡන්ද කෙරුවාව ගැනනම් අපේ මේ කුරුල්ලට තියෙන්නෙ එච්චරම හොද පැහැදීමක් නම් නෙවෙයි.ඒත් කවුරු හරි හොද,වැදගත් දෙයක් කලොත් ඉතින් ඒකත් අගය කොරන්ට එපායැ.අද කියන්නෙත් ඒවගේ දෙයක් ගැන.විස්තරේ දැක්කෙනම් ගොසිප්ලංකා එකෙන්.
 2011 ඡන්ද හිමි නාම ලෙඛනය ඉතිහාසයේ ප්‍රථම වරට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.මැතිවරණ දෙපාර්තුමෙන්තුව සපයා ඇති පහත සදහන් අන්තර්ජාල යොමුවට ගොස් තමන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදින්චි වී ඇත්දැයි ඡන්ද දායකන්ට ඕනෑම අවස්ථාවක පරීක්ෂාකර බැලිය හැකි බව මැතිවරණ කොමසාරිස් මහේන්ද්‍ර දේශප්ප්‍රිය මහතා දන්වා සිටිනවා.
   ඔයාලගෙ නම ඇතුලත්ව නැතිනම් ඒ බවද එහි දන්වා සිටින අතර තැන් කිහිපයක කිහිපයක නම් ඇති අය හා ලියාපදින්චි දෝෂ සහිත අයටද ඒ ගැටලු පරීක්ෂා කරගැනීමට මේක ලොකු උදවුවක් වෙනව.ඔබේ ලියාපදින්චිය ඇති දිස්තිරික්කය හා ජාතික හැදුනුම්පත් අංකය දත්ත ගොනුවට ඇතුලත් කර තත්පර කිහිපයකින් ඔබේ ලියාපදින්චි දත්ත ඔයාලගෙ නිවසේ අයගේද විස්තර සමගින් දර්ශනය වනු ඇත.







ඔබේ ඡන්ද හිමි නාම ලෙඛනය විමසන්නට පහත යොමුවට යන්න.


0 comments:

Post a Comment

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla