ගොඩාක් කාලෙකට පස්සෙ තමයි කුරුල්ලට කුරුලු පිටුව පැත්තෙ එන්න ලැබුනෙ.මුලින්ම ඒකට ඉතින් සමාවෙන්ට කියල කියන්න ඕනි.කුරුල්ලට අලුත් කැදැල්ලකට යන්න අවස්ථාව හම්බ වුන නිසා පහුගිය දවස් ටිකේම විවේකයක් තිබුනෙ නෑ.අලුත් කැදැල්ලක් කිවුවෙ කුරුල්ල කරකාර බැන්ද එහෙම නෙවෙයි ඕං.කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය හෙවත් UCSC පවුලේ සාමාජිකයෙක් වීමේ භාග්‍යය කුරුල්ලට හිමිවුනා.ඒ මොන දේ හිමි වුනත් කුරුල්ල ඔයාලව අමතක කරන්නනම් හිතුවෙ නෑ.ඉඩක් ලැබුන හැටියෙම කුරුලු පිටුව හොයාගෙන ආවෙ ඒක තමයි ඕං.
අද කුරුල්ල කියන්න යන්නෙ කුරුලු සංචාරක ගමනෙදි දැකපු තවත් අපූරු සිදුවීමක්.ඒ අපූරු මැජික් ශිල්පියෙක් ගැන.මෙයා තමයි දැනට ලෝකයේ ඉන්න දක්ශතම මැජික් ශිල්පියා. නම ඩේවිඩ් කොපර්ෆිල්ඩ්.

තාමත් කිසිම කෙනෙක්ට අදහාගන්නටත් බැරි විදිහෙ මැජික් දර්ශන මෙයාට සිදුකරන්න පුළුවන්.මෙයා ඉපදුනේ 1956 සැප්තැම්බර් මාසෙ 16 වෙනිද, ඇමෙරිකා එක්සත් ජනපදයේ.බොහොම දුප්පත් පවුලක ඉපදුනු මේ ඩේවිඩ් කොපර්ෆිල්ඩ්ගේ අද්යාපනය පවා එතරම් සාර්ථක එකක් වුනේ නෑ.නමුත් මැජික් දර්ශන සදහා තිබූ හැකියාව සහ උනන්දුව නිසාම ලෝකයම අභිබවමින් ඉදිරියට එන්නට මේ තරුණයාට හැකි වුනා.
වසරකට දර්ශන වාර 500ක් විතර මෙයා ඉදිරිපත් කරනවා.ඉහල මිල ගනන් ගෙවමින් ලොව නන් දෙසින් ජනතාව මේ සියළුම දර්ශන වාර බලන්නට එන්නෙ මේවයි තියෙන ත්‍රාසය,විශ්මය දනවන ගතියත් ලෝකෙ වෙන කොහෙදිවත් මේ වගෙ දර්ශන දකින්න නොලැබෙන නිසාත් වෙන්න ඕන.
ලෝකයේ මැජික් ශිල්පීන් අතරින් වැඩිම ආදායමකට හිමිකම් කියන්නේද මොහුයි.ඒ වගේම මෙයා ගාව තියෙන තමන්ගේම වෙන මැජික් දර්ශන සං්යාවත් විශාලයි.ලෝකයේ වැඩිම ආදායමක් ලබන පුද්ගලයන් 100 දෙනා අතරට එක්වෙන්නත් මෙයාට හැකිවෙලා තියෙනව.
ඩේවිඩ් කොපර්ෆිල්ඩ් කියන්නෙ වරෙක මැජික් ශිල්පියෙක්.වරෙක ඉන්ද්‍රජාලිකයෙක්.වරෙක ලේඛකයෙක්.වරෙක අධ්‍යක්ශකවරයෙක්.මේ කොහොම හැදින් වුවත් ඔහුත් මිනිසෙක්.හැබැයි හැකියාව සහ කැපවීම තුලින් ලොව ජයගත් මිනිසෙක්.අන්තිමේදි කුරුල්ලට කියන්න තියෙන්නෙ ඔයාලත් ඔයාලගෙ හැකියාව ගැන විශ්වාසයක් තියාගන්න.එතකොට මේ ලෝකයම දිනන්නට ඔයාටත් නොහැකිවෙන එකක් නෑ.
0 comments:
Post a Comment