Friday, May 11, 2012

0 පොහොය හැඩකරන ඩිජිටල් තොරණ්

                                                    වෙසක් එකත් දැන් ටික ටික ඉවර වේගෙන යනව නොවැ.ඔයාලත් ඉතින් හොදට වෙසක් සමරන්න ඇති කියල කුරුල්ල හිතනව.කුරුල්ලනම් ඉතින් වෙසක් දවස් ටිකේම කොලඹ පැත්තට වෙලා ඇතිවෙන්න වෙසක් නැරබුව.හැම තැනම තොරණ්,දන්සල්,වෙසක් කූඩු,සැරසිලි වලින් පිරිල.බලන්නත් ලස්සනයි.
                                                   ඔහොම වෙසක් බල බලා යන අතරෙ කුරුල්ලට ටිකක් අමුතු විදිහෙ තොරණක් දකින්න ලැබුන.කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය හෙවත් UCSC එකේ කට්ටිය තමයි මේ තොරණ හදල තිබුනෙ.බලන්නත් ලස්සනයි.අළුත් වැඩක්.පැයක් විතර ලෝකෙම අමතක කරල කුරුල්ල ඒ දිහා බලාගෙන උන්න.මේ තියෙන්නෙ තොරණෙ පින්තූර ටිකක්.






  පින්තූර විතරක් පෙන්නල මදිනෙ ඉතින්.ඒක හින්ද ඔයාලටත් මේ තොරණෙ අනුරුවක් දෙන්නට කුරුල්ල තීරණය කොලා.ඔය පලෙහා තියෙන ලින්කුවෙන් UCSC ඩිජිටල් තොරණ බාගන්නකෝ.




0 ලොවම මවිතකල විජ්ජාකරු

                                                 ගොඩාක් කාලෙකට පස්සෙ තමයි කුරුල්ලට කුරුලු පි‍ටුව පැත්තෙ එන්න ලැබුනෙ.මුලින්ම ඒකට ඉතින් සමාවෙන්ට කියල කියන්න ඕනි.කුරුල්ලට අලුත් කැදැල්ලකට යන්න අවස්ථාව හම්බ වුන නිසා පහුගිය දවස් ටිකේම විවේකයක් තිබුනෙ නෑ.අලුත් කැදැල්ලක් කිවුවෙ කුරුල්ල කරකාර බැන්ද එහෙම නෙවෙයි ඕං.කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය හෙවත්  UCSC පවුලේ සාමාජිකයෙක් වීමේ භාග්‍යය කුරුල්ලට හිමිවුනා.ඒ මොන දේ හිමි වුනත් කුරුල්ල ඔයාලව අමතක කරන්නනම් හිතුවෙ නෑ.ඉඩක් ලැබුන හැටියෙම කුරුලු පි‍ටුව හොයාගෙන ආවෙ ඒක තමයි ඕං.

                                                  අද කුරුල්ල කියන්න යන්නෙ කුරුලු සංචාරක ගමනෙදි දැකපු තවත් අපූරු සිදුවීමක්.ඒ අපූරු මැජික් ශිල්පියෙක් ගැන.මෙයා තමයි දැනට ලෝකයේ ඉන්න දක්ශතම මැජික් ශිල්පියා.  නම ඩේවිඩ් කොපර්‍ෆිල්ඩ්.
                             



                     තාමත් කිසිම කෙනෙක්ට අදහාගන්නටත් බැරි විදිහෙ මැජික් දර්ශන මෙයාට සිදුකරන්න පුළුවන්.මෙයා ඉපදුනේ 1956 සැප්තැම්බර් මාසෙ 16 වෙනිද, ඇමෙරිකා එක්සත් ජනපදයේ.බොහොම දුප්පත් පවුලක ඉපදුනු මේ ඩේවිඩ් කොපර්‍ෆිල්ඩ්ගේ අද්‍යාපනය පවා එතරම් සාර්ථක එකක් වුනේ නෑ.නමුත් මැජික් දර්ශන සදහා තිබූ හැකියාව සහ උනන්දුව නිසාම ලෝකයම අභිබවමින් ඉදිරියට එන්නට මේ තරුණයාට හැකි වුනා.
              
                  වසරකට දර්ශන වාර 500ක් විතර මෙයා ඉදිරිපත් කරනවා.ඉහල මිල ගනන් ගෙවමින් ලොව නන් දෙසින් ජනතාව මේ සියළුම දර්ශන වාර බලන්නට එන්නෙ මේවයි තියෙන ත්‍රාසය,විශ්මය දනවන ගතියත් ලෝකෙ වෙන කොහෙදිවත් මේ වගෙ දර්ශන දකින්න නොලැබෙන නිසාත් වෙන්න ඕන.


ලෝකයේ මැජික් ශිල්පීන් අතරින් වැඩිම ආදායමකට හිමිකම් කියන්නේද මොහුයි.ඒ වගේම මෙයා ගාව තියෙන තමන්ගේම වෙන මැජික් දර්ශන සං්‍යාවත් විශාලයි.ලෝකයේ වැඩිම ආදායමක් ලබන පුද්ගලයන් 100 දෙනා අතරට එක්වෙන්නත් මෙයාට හැකිවෙලා තියෙනව.



පල්ලෙහා තියෙන වීඩියෝ දර්ශන ටිකත් එහෙනම් බලලම යන්නකෝ.


 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla