Monday, August 27, 2012

2 ලංකාවේ අපිටම වෙන්වූ ශ්‍රීfacebook


අදත් කුරුල්ල කලබලෙන්ම වගේ දුවගෙන ආවෙ ඔයාලට අලුත්ම තොරතුරක් දෙන්න. ඔයාල දන්නවනෙ ඉතින් නැවුම් දේ ,,අළුත් දේ හැමදාම කුරුල්ල ඔයාලට තිලිණකරන විත්තිය.හරි හරි වැඩි කතා ඕනි නෑ.
ඔයාල දන්නවනෙ ඉතින් facebook ගැන. හික් හික්.. මොකද අපි නොදන්නෙ??උදේ ඉදන් රෑ වෙනකන්ම facebook එකේ ඉන්න අපිට මොනාද මේ facebook ගැන කියන්න හදන්නෙ කියල. ඒත් මේ facebook නම් නොවේ.හුටා !!! එහෙනම්???  මේක  ශ්‍රීfacebook. ලංකාවෙ අපිටම කියල වෙන්වුනු මිතුරු සමාජ ජාලයක්.



මේක පටන් අරගෙන තාම් වැඩි දවසක් නෑ.හරියටම කිවුවොත් අගෝස්තු 14 වෙනිද උදේ 11.00ට තමා මේ ශ්‍රීfacebook පටන් අරගෙන තියෙන්නෙ.ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.නම හර්ශ..මෙයාගෙ වයස අවුරුදු 29යි.
ශ්‍රීfacebook වෙතට පිවිසුනාම ඔයාලට දකින්න ලැබෙන්නෙ මෙහෙමයි.



ශ්‍රීfacebook එකේ වැඩ තනිකරම වෙන්නෙ සිංහලෙන්.දැන් ඉංග්‍රීසි වලට මෙච්චර කාලයක් අකමැත්තෙන් හිටපු අයට කියාපු පිලියමක්.සිංහල භාෂාව සයිබර් අවකාශය හරහා ලෝකය අතරට ගෙනයන ගමනට මේ මිතුරුසමාජ ජාලයත් ගොඩක් උපකාරී වෙයි කියල කුරුල්ල විශ්වාස කරනව.
ඔයාලත් මේ මිතුරුජාලයත් එක්ක එක්වෙන්න කැමතිනම් පහත සබැඳියෙන් අළුත් ගිණුමක් විවෘත කරගන්න.



 වැඩිය විස්තර කරන්න දෙයක් නෑ.හැමෝම දන්න කියන භාෂාවෙන්නෙ තියෙන්නෙ.ශ්‍රීfacebook ගැන ඒකෙ www.srifb.com web team එක සඳහන් කරන්නෙ මෙහෙමයි.

                ~~~~~~~~~~~~~~~~~~~
 අප දැක්ම - සමාජයට යහපතක් වන හිතකාමි සමාජ ජාලයක් නිර්මාණය....
අපේ මෙහෙයුම - ශ්‍රි ලාංකික සියල්ලන් මෙහි සාමාජිකයන් වීම තුලින් ලංකාවේ අංක 1 සමාජ ජාලය වීම

අපේ අරමුණ ලංකාවේ හැමොටම එකතු වන්න පුලුවන් අපේම කියා අනන්‍යතාවයක් ගොඩනැගෙන සිංහල මුණුපොතක් නිර්මාණය කිරීමයි. ලංකාවේ භාෂා අවබෝධය අවම කම නිසා මුලුගැන්වුනු සන්නිවේදනය යලි ගොඩගැනිමට යම් දායකත්වයක් දැක්විම අප පරම අභිලාෂයයි. අපේ දේ අගය කරන්නන්ට මෙය මහගු රුකුලක් වනු නොඅනුමානයි. එවිට ඔබට ඔබේ නෑ හිතවතුන් මිතුරන් පවුලේ අය සමග හිතවත්කම වඩවඩා පුලුල් වනු ඇත. සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසියෙන්ද මෙම අඩවිය ඔබට පාවිච්චි කලහැක.

මෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු අතිශය සුරක්ෂිත අයුරින හැසිරවිය හැක. තවද ඔබගේ ගිණුමේ වැදගත් තොරතුරු කාටවත් හොරෙන් ලබා ගතනොහැක. මක්නිසාද අප එම තොරතුරු ඔබගෙන් ගනු ලබන්නේ සුරක්ෂිත සම්බන්ධයකිනි. (secured connection). ඒවා ආරක්ෂා කිරීමට අපි බැදි සිටිමු. එයයි අපේ වගකිම. එය අපි නොපිරි හෙලා ඉටුකරමු.

ෆේස්බුක් එක වගේම තමාගේ පැතිකඩක් සාදාගත හැකිය. තවද එය තමාට අවශය පරිදි නිර්මාණය කරගත හැක. තමාගේ ඡායාරූප විඩියො තමාට අවශ්‍ය පරිදි තබා ගත හැක.

මිතුරන් සෙවිය හැක. සොයා ඔවුන්හට මිතුරුවිමේ ඉල්ලීම් යැවිය හැක.

තමාගේ ප්‍රේක්ෂක පිටු නිර්මාණය කරගත හැක. එමගින් මිනිසුන් අතරට යාහැක. තවමත් නොයෙක් අතහදා බැලිම් කරමින් සිටී ... ඉදිරියට නවතම අංගෝපාංග (apps, development ) වලින් මෙය සමන්විත වනු ඇත. ලගදිම ටයිම්ලයින් ප්‍රේක්ෂක පිටු වලට අනුයුක්ත වේ.

තමන් ආසා කැමති කරන අය. ඡායාරුප . පිටු නම් කල හැක. මිතුරන්ට සංඥා කල හැක. යහලුවන්ට මිතුරුවිමට තවත් යහලුවන් නම් කලහැක. කැමති ඡායාරුප හො ඕනැම දෙයක් යහලුවන්හට යෝජනා කලහැක.


Wednesday, August 15, 2012

2 ගැටකපන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.


                                     මාතෘකාව දැක්කම ඔයාල කල්පනා කරනව ඇති අද මොකක් ගැනද මේ කියන්න යන්නෙ කියල.ගැට කපන්නො එහෙමත් නැත්නම් pickpocket කාරයො කිව්වහම හැමෝටම මතක් වෙන්නෙ බස් එකේ තෙරපි තෙරපි යන ගමන් බිමන් ගැනනෙ.බස් එකෙන් බහිනකොට ලස්සනට අපේ මුදල් පසුම්බියට,එහෙමත් නැත්නම් ජංගම දුරකථනයට වැඩේ දීල තියෙනවනෙ.හැබැයි ඉතින් ගැටකපනව කියන ඒකත් ලේසියෙන් කරන්න පුළුවනැයි.මනා ඉවසීමක් හා හොද පුහුණුවක් අනිවාර්යෙන්ම තියෙන්ට එපායැ.නැත්නම් ඉතින් දන්නවනෙ වෙන වැඩේ.

ඔයාල දන්නවද.වැඩියෙන්ම ගැට කපන්නො ඉන්නෙ කොහෙද කියල.ලංකාවෙත් ටික දෙනෙක් හිටියට ලෝකෙ වැඩියෙන්ම ගැට කපන්නො ඉන්නෙ බාර්සිලෝනා වල සහ රෝමයේ.







ඔයාල හැමෝම වගේ බලල තියෙන ජේම්ස් ‍ෆ්‍රීඩ්මන් විසින් 2005දි හදපු  ‍ෆිල්ම් එකක් වන ඔලිවර් ට්විස්ට් වලත් කියවෙන්නෙ ගැට කපන්නන්ට අසුවෙච්ච පුංචි කොළුගැටයෙක් ගැනනෙ.‍ෆිල්ම් එක බලල නැත්නම් ඔයාල චාර්ල්ස් ඩිකන්ස් ලියපු  ඔලිවර් ට්විස්ට් නවකතාව හරි පරිවර්ථනයක් හරි කියවල ඇති කියල කුරුල්ල හිතනව.








                    ලෝකයේ ඉන්න දක්ෂතම ගැට කපන්නෙක් තමයි බොබ් අර්නෝ කියන්නෙ.මෙයා උපතින් ස්වීඩන් ජාතිකයෙක්.ඒත් 1992 දී ඇමෙරිකානු පුරවැසි භාවය ලබාගෙන තියෙනව.How to Avoid Thefts, Cons, and Street Scams(Bonus Books, 2003) ආදී පොත් පවා මොහු ලියා තිබෙනවා.හැබැයි විහිලුවට තමා මෙහෙම කරන්නෙ.ඇත්තට කරන්න ගියොත් ඉතින් වෙන දේ දන්නවනෙ.විකිපීඩියාවෙ මෙයා ගැන ගොඩක් විස්තර තියෙනව.බලන්න මෙතනින් යන්න.

මෙයාගෙ වෙබ් අඩවියත් බොහොම අලංකාර එකක්.ඒක බලන්න මෙතනින් යන්න.

ප්‍රසිද්ධ වේදිකාවට ගෙන්වන මහත්වරුන්ගේ නොයෙක් දේවල් ලස්සනට හොරකම් කරන හැටි ඔයාලට පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවනි.





Mediafire වලින් මේ වීඩියෝව download කරගන්න පහත සබැදියේ ක්ලික් කරන්න.
                                         


මොහුගේ තවත් වැඩ කිඩ බලන්න පහත සබැදියේ කොටන්න.


                                       



Monday, August 13, 2012

1 අනාගතය කොහොම වෙයිද??


                          ඔන්න අදත් නිදහස් කුරුල්ල ඔයාලට වටින කියන දෙයක් අරගෙන ආව.ඔයාලත් කැමති ඇතිනෙ ඔයාලගෙ අනාගතේ කොහොම වෙයිද,ඔයාගෙ ගතිලක්ෂණ මොනවගේද කියල දැන ගන්න.ඔන්න ඔය වැඩේට කියාපු සොෆ්ට්වෙයාර් එකක් තමා අද දෙන්න යන්නෙ.ඔයාලගෙ ගතිලක්ෂණ ,ඔයා මොනවගේ දේවල් වලටද කැමති,මොනවද තියන දුර්වලතා, වගේ ගොඩක් විස්තර මේකෙන් උපන්දිනය අනුව සහ ලග්නය අනුව බලා ගන්න පුළුවන්.
මේක ඉන්ස්ටෝල් කරගෙනම බලන්නකො.



ඉන්ස්ටෝල් කරගන්න විදිහ:
              පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් මේක බාගන්න.7-Zip හරි Win-RAR හරි භාවිතයෙන් Extract කරගත්තට පස්සෙ SETUP.exe කියන ෆයිල් එකෙන්  සාමාන්‍ය විදිහට සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කර ගන්න.ඊට පස්සෙ සොෆ්ට්වෙයාර් එක open නොකරම TOF Patch කියන folder එක open කරගෙන ඒකෙ තියෙන TOF patch.exe එකෙන් Patch එක දාගන්න.ඊට පස්සෙ ඉතින් දන්න කියන කට්ටියගෙ අනාගතේ බලන් හිටිය වගේ කියන්න.


මේක නිවැරදිව කරගන්න විදිහෙ ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාන්න.තවත් විස්තර ඇතුව පැහැදිලි කරන්නම්. 

Download  Teller Of Future



                  අද කේන්දර ගැන කතාකරපු නිසා තවත් එලම සොෆ්ට්වෙයාර් එකක් දෙන්න කුරුල්ල තීරණය කලා.මේක දාගෙන ඔයාලට නියමෙට කපුකම් එහෙම කරන්න පුළුවන්.ඒ නැතත් ඔයාගෙ පෙම්වතාගෙ හරි පෙම්වතියගෙ හරි කේන්දර ගැලපෙනවද කියලත් බලාගන්න පුළුවන්.මේකෙන් බොහෝ දුරට ඉතානිවැරදි තොරතුරු තමා දෙන්නෙ.දැන් ඉතින් කේන්දරකාරයො ලගට කේන්දරේ උස්සං දුවන්න ඕනි වෙන එකක් නැහැ.විස්තර කරන්න දෙයක් නැහැ.පාවිච්චි කරනකොට වැඩේ තේරෙයි.පැය 24 ඔරලෝසුවට අනුව උපන් වෙලාව දෙන්නකො.

Download match Software 

                                                                        
                                                          
තවත් ඔයාලට වැදගත් වන ලිපියකින් ලගදිම හම්බවෙමු.



Saturday, August 4, 2012

0 ඔබටත් ඡන්දය තියෙනවාද??


   ඡන්ද උණුසුමත් මේ දවස් ටිකේ ටිකෙන් ටික වැඩිවෙන හින්ද කුරුල්ලගෙ අවධානයත් ටිකක් ඒ පැත්තට යොමුවෙලා.කොහොම උනත් ඔය ඡන්ද කෙරුවාව ගැනනම් අපේ මේ කුරුල්ලට තියෙන්නෙ එච්චරම හොද පැහැදීමක් නම් නෙවෙයි.ඒත් කවුරු හරි හොද,වැදගත් දෙයක් කලොත් ඉතින් ඒකත් අගය කොරන්ට එපායැ.අද කියන්නෙත් ඒවගේ දෙයක් ගැන.විස්තරේ දැක්කෙනම් ගොසිප්ලංකා එකෙන්.
 2011 ඡන්ද හිමි නාම ලෙඛනය ඉතිහාසයේ ප්‍රථම වරට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.මැතිවරණ දෙපාර්තුමෙන්තුව සපයා ඇති පහත සදහන් අන්තර්ජාල යොමුවට ගොස් තමන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදින්චි වී ඇත්දැයි ඡන්ද දායකන්ට ඕනෑම අවස්ථාවක පරීක්ෂාකර බැලිය හැකි බව මැතිවරණ කොමසාරිස් මහේන්ද්‍ර දේශප්ප්‍රිය මහතා දන්වා සිටිනවා.
   ඔයාලගෙ නම ඇතුලත්ව නැතිනම් ඒ බවද එහි දන්වා සිටින අතර තැන් කිහිපයක කිහිපයක නම් ඇති අය හා ලියාපදින්චි දෝෂ සහිත අයටද ඒ ගැටලු පරීක්ෂා කරගැනීමට මේක ලොකු උදවුවක් වෙනව.ඔබේ ලියාපදින්චිය ඇති දිස්තිරික්කය හා ජාතික හැදුනුම්පත් අංකය දත්ත ගොනුවට ඇතුලත් කර තත්පර කිහිපයකින් ඔබේ ලියාපදින්චි දත්ත ඔයාලගෙ නිවසේ අයගේද විස්තර සමගින් දර්ශනය වනු ඇත.







ඔබේ ඡන්ද හිමි නාම ලෙඛනය විමසන්නට පහත යොමුවට යන්න.


 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla