Wednesday, October 3, 2012

0 ගොඩනැගිලි පොලොවේ ගිලා බස්සන බංකර් නාශක බෝම්බ

                     අද කුරුල්ල ටිකක් වෙනස් විදිහෙ මාතෘකාවක් ගැන කතාකරන්න තීරණය කලා. ඒ දැන් අපිටනම් නිතරම අහන්න නොලැබෙන ඒත් හොඳට අහල තියෙන දෙයක්. "බෝම්බ". හි හි..බයවෙන්න එපා. කියවලම බලන්නකෝ.
                    දෙවන ලෝක යුද සමයේ දී බි‍්‍රතාන්‍ය සැලසුම්කරුවකු වූ බාන්ස් විලිස් අමුතු ම විදියේ බෝම්බ දෙකක් නිෂ්පාදනය කලා.අද බංකර් නාශක බෝම්බ ලෙස හැඳින්වෙන බෝම්බයේ ආරම්භය එයයි. එකක් ‘ටෝල් බෝයි’ හෙවත් ‘උස ළමයා’ නම් විය. එය බරින් ටොන් 5ක් විය. අනෙක ‘ග්රෑන්ඞ් ස්ලෑම්’ නම් විය. එහි බර ටොන් 10ක් විය. මේවායේ බඳ තනා ඇත්තේ සවිමත් වානේවලිනි. මේවා වායුගති විද්‍යානුකූලව වල්ගයක් ද සහිතව සැලසුම් කර ඇති බැවින් ගුවන් යානයකින් ගෙන ගොස් මීටර 6700(අඩි 22,000)ක් ඉහළ අහසේ සිට හෙළූ විට කැරකෙමින් පහළට එන්නේ ශබ්දයේ වේගය ද ඉක්මවන වේගයකිනි. මේවා මුලින් ම තනන ලද්දේ යුද සබ්මැරීන ගාල් කර තිබූ දැවැන්ත කොන්කී‍්‍රට් ආවරණ විනාශ කිරීමටය.
                       අද බංකර් නාශක බෝම්බ ලෙස හඳුන්වනු ලැබුවත් මේවා තනන කාලේ හැඳින්වූයේ ‘භූකම්පන බෝම්බ’ යනුවෙනි. මේවා මුලින් සැලසුම් කළේ ඉලක්කයකට යවන්නට නොවේ. ඉලක්කය අසල බිම පතිත කළ විට පොළොව පසාරු කර ගෙන ගොස් යට දී විශාල කම්පනයක් ඇති කරමින් පුපුරන ආකාරයටය. එවිට ඉලක්ක කළ ගොඩනැගිල්ලේ පදනම පුපුරා ගොස් මොහොතකින් ඒ ගොඩනැගිල්ල පුපුරා පොළොව තුළට ගිලා බැසීමය.
clip_image003
                      1991 ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ ‘ඩෙසර්ට් ස්ටෝම්’ හෙවත් කාන්තාර කුණාටුව නම් මෙහෙයුමේ දී දෙවැනි ලෝක යුද්ධයේ දී බි‍්‍රතාන්‍යය භාවිත කළ යුද අවිවලට සමාන වූ ගැඹුරට කිඳා බැසිය හැකි බෝම්බයක අවශ්‍යතාව ඇති විය. නේටෝ සංවිධානයේ ගුවන් හමුදාව සතුව එවැනි අවියක් නොතිබුණි. රාජකීය ගුවන් හමුදාව සතුව ප‍්‍රදර්ශන භාණ්ඩයක් ලෙස බාන්ස් විලිස් තැනූ බෝම්බ කීපයක් තිබුනි. හදිසි වැඩ පිළිවෙළක් යටතේ දින 28ක් ඇතුළත මෙවැනි බෝම්බ කීපයක් තනනු ලැබීය. ඒවායේ අසුරුම් ලෙස යොදා ගනු ලැබුවේ මිමී 203 (අඟල් 8) ප‍්‍රමාණයේ පැරණි කාලතුවක්කු බැරල් ය. මේ බෝම්බයක් ටොන් 2ක් පමණ බරෙන් යුක්ත විය. ඒත් ඒවා තුළ තැන්පත් කර තිබුණේ රාත්තල් 647ක් බරැති පුපුරන ද්‍රව්‍ය පමණය. ලේසර් කිරණ මගින් මග පෙන්වන නිසා ඒවා හඳුන්වනු ලැබුවේ ‘මෙහෙයුම් මිසයිල’ කියාය.
                      මෑත දී ඇමෙරිකා එක්සත් ජනපදය අවශ්‍යතාව අනුව සැකසුණු ඉතා තද පෘෂ්ඨයන් විනිවිද යා හැකි, එමෙන් ම පොළොව පසාරු කර ගෙන ගැඹුරු තැන්වලට යා හැකි විශේෂ බංකර් බෝම්බ පෙළක් ම නිපදවීය. මීටර 1.8(අඩි 6) සිට මීටර 6 (අඩි 20) ක් දක්වා ඝනකම ඇති කොන්කී‍්‍රට් කුට්ටියක් පසා කර ගෙන යාමට ඒ බංකර් බෝම්බවලට හැකියාව තිබුණේය. ඒවා නම් කෙරුණේ 'BLU -109 පෙනිටේ‍්‍රටර්’, 'BLU 116 ඇඞ්වාන්ස්ඞ් යුනිටරි පෙනිටේ‍්‍රටර්’, 'BLU - 118/B තාපකි‍්‍රයාකාරී යුද ශීර්ෂ', ‘113 BLU සුපර් පෙනිටේ‍්‍රටර්’ ආදී වශයෙනි.
                      මෙවැනි බෝම්බයක වුනත් පිපිරවීම සඳහා ෆියුසයක් තිබිය යුතුයි. මෙහි ෆියුසය ඇත්තේ කාල ගණකයක් හා බෝම්බය වේගයෙන් ඉදිරියට තල්ලූ කළ හැකි අවරපෙති සහිත ශක්තිමත් බමනයක් ද සමඟ බෝම්බයේ පසුපසය. ගුවන් යානයෙන් බෝම්බය මුදා හරිද්දී මේ බමනයත්, කාල ගණකයත් එකවර කි‍්‍රයාත්මක වෙයි. ෆියුසය ඇට වෙන්නේ ද බෝම්බය මුදා හැරෙන මොහොතේ මය. බෝම්බය පුපුරා යන්නේ මේ බමනයත්, කාල ගණකයත් නතර වූ මොහොතේ දීය. නවීන බංකර් නාශක බෝම්බවල බොහෝ විට සාම්ප‍්‍රදායික ෆියුසයක් ඇතත් සමහර බංකර් නාශක බෝම්බවල මයික්‍රෝෆෝනයක් හා මයික්‍රෝපාලකයක් ද තිබේ. ඒවා කි‍්‍රයාත්මක වීමේ දී මයික්‍රෝෆෝනය සවන් දීම කරන අතර මයික්‍රෝපාලකය මහල් ගණන් කිරීම සිදු කරයි. බෝම්බය කොන්කී‍්‍රට් තට්ටු සහිත මහල් ගණනාවක් පසාරු කර ගෙන ගොස් බෝම්බය මුදා හරින්නට පෙර සකස් කළ ආකාරයට අනුව නියමිත මහලේ දී පුපුරා යයි.
                     මේ අති නවීන බංකර් නාශක බෝම්බයකට, විශේෂයෙන් ම මිසයිලයක් සවි කළ බංකර් නාශක යුදඅවිශීර්ෂයකට එහි ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය ජවය හා වේගය ලබා දීමට රොකට් මෝටරයක් ද සවි කර ඇත. මේ මෝටරය මගින් විශාල ඝනකමක් ඇති ශක්තිමත් කොන්කී‍්‍රට් කුට්ටි පසාරු කර ගෙන යාමට අවශ්‍ය අතිරේක වේගයක් සැපයේ. වැඩි ගැඹුරකට කිඳා බැසීමට හැකිවන පරිදි මේ බංකර් නාශක යුදඅවිශීර්ෂයකට අධි ඝනත්වයක් ඇති ප‍්‍රක්ෂිප්තයක් ද සවි කර තිබේ. එවැනි යුදඅවිශීර්ෂයක්, රසායනික පුපුරන ද්‍රව්‍ය රැගත් යුදඅවිශීර්ෂයකට වඩා වැඩි බලයක් ගෙන යයි.
1945 මාර්තු 15 වැනිදා හෙළන ලද ‘ග‍්‍රෑන්ඞ් ස්ලෑම්’ බෝම්බය මීටර 7 (අඩි23) මහත කොන්කී‍්‍රට් තට්ටුවක් විනිවිද ගොස් පුපුරා පොළොව යට විශාල ආවාටයක් ඇති කළ අතර ඉහළින් තිබූ ගොඩනැගිලි පුපුරා ඒ තුළට ඇද වැටුණි. එසේ ම ‘ටෝල් බෝයි’ බෝම්බයෙන් යෝධ කාලතුවක්කු රැඳවූ උමඟක් විනාශ කිරීමට හැකිවිය. ඉන්පසු මෙවැනි බෝම්බ තවතවත් වැඩි දියුණු කරනු ලැබීය. දැන් ඇති නවතම අවියක් වන න්‍යෂ්ටික බී61 මෙන් ම අධිතාපයක් ජනනය කර අවට ඇති ඔක්සිජන් සියල්ල ඇද ගත හැකි, මානයේ ඇති හැම දෙයක් ම අළුධූලි කළ හැකි, ජීබීයූ වැනි කි.ග‍්‍රෑ. 2130ක් බරැති සුපිරි බංකර් නාශක යුද අවියකට අඩි 20ක් පමණ ගැඹුරු කොන්කී‍්‍රට් ආවරණයක් සිදු කර ගෙන යා හැකිය. 1997 දී යුද පෙරමුණට ආ මෙයට අඩි සිය ගණනක් ගැඹුරේ පිහිටි ඉලක්කයක් විනිවිද යා හැකි බව ඔප්පු කළේය. ඇමෙරිකානු රුසියානු නිරවි යුදසමයේ දී මේ බංකර් නාශක යුදඅවි නිපදවීම ගැන රුසියාව හා ඇමෙරිකාව වැඩි අවධානයක් යොමු කර තිබුණි. 2001 දී ඇෆ්ගනිස්ථානයේ දී ද 2003 දී ඉරාක ආක‍්‍රමණයේ දී ද මෙම අවි යුද පෙරමුණට ගෙන එනු ලැබීය.
                  ඇමෙරිකානු යුද හමුදාව සඳහා මෙතෙක් මෙවැනි යුදඅවි තැනූ, ඔක්ලොහෝමාවල මැක්ඇලෙස්ටර් යුදඅවි නිෂ්පාදන කම්හල රාත්තල් 2000(කිලෝ ග‍්‍රෑම් 900)ක් බර බංකර් නාශක බෝම්බ තැනීම අවස්ථා දෙකක දී ම අත්හිටවීය. 2005 පෙබරවාරි 8 වැනිදා නිෂ්පාදනය නවතා දැමුවේ එහි මෙවැනි බෝම්බ තැනීමේ යෙදුනු සේවකයන් 17 දෙනකු රෝගී වීමත් සමඟය. මේ බෝම්බ තැනීමට යොදා ගන්නා ටයිනයිට්‍රොටොලූවින් හෙවත් ටීඇන්ටී විෂට අනාවරණය වීම නිසා ඔවුන්ගේ ශරීරවල රුධිරගත ඔක්සිජන් ප‍්‍රමාණය අසාමන්‍ය ලෙස පහත වැටීම හේතුවෙන් ඔවුන් රෝගී වූ බව හෙළිවීමෙන් පසුවය. නව වායු සංසරණ පද්ධතියක් සවි කොට 2006 ජනවාරි 1 වැනිදා යළිත් නිෂ්පාදනය ඇරඹුව ද එම වසරේ ම මාර්තු 2 වැනිදා නැවතත් අත්හිටුවීමට සිදු වූයේ එහි වැඩ කළ සේවකයන්ගේ රුධිර පරීක්ෂණවලින් පසුවය. මෙවර ද සේවකයන් රෝගී වූයේ ටීඇන්ටී හේතුවෙනි.
Bunker Buster Test Video
                        දැනට තනන බංකර් නාශක යුදඅවි අතරින් අති බිහිසුණු ඒවා ලෙස සැලකෙන්නේ න්‍යෂ්ටික යුද අවි ය. මේවා හැඳින්වෙන්නේ ‘පෘථිවි විනිවිදක යුද අවි’ හෙවත් ‘බංකර් නාශක න්‍යෂ්ටික යුදඅවි’ කියාය. පස්, ගල් පමණක් නොව කොන්කී‍්‍රට් පවා විනිවිද යා හැකි මේ මගින් අති බිහිසුණු න්‍යෂ්ටික බෝම්බයක් අවශ්‍ය ඉලක්කයට ගෙන යයි. මෙවැනි න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමෙන් වන හානියට වඩා හානියක් සිදුවන්නේ එයින් විසිර යන විකිරණශීලී අංශුවලිනි. න්‍යායාත්මකව දක්වා ඇත්තේ එළිමහනේ පුපුරුවා හරින පරමාණු බෝම්බයකට වඩා මෙහි දී වන හානිය අඩු බවය. මෙය පොළොව යට දී පුපුරා යන්නක් බැවින් විකිරණශීලී ද්‍රව්‍ය වායුගෝලයට එක්වීමක් සිදු නොවන බවය. කෙසේ වෙතත් මෙවැනි අවියකින් පොළොව යට සුන්බුන්වලට එක් කරන විකිරණශීලී ද්‍රව්‍ය ද හානිකර තත්වයෙන් අඩුවෙතැයි කිව නොහැකිය.
                     බංකර් නාශක න්‍යෂ්ටික යුදඅවිවලට එරෙහි ව එල්ල කෙරෙන ප‍්‍රධාන විවේචනය වන්නේ ඒවායින් නිකුත් වන විකිරණශීලී අංශුවලින් හා ඒවා තැන්පත්වීමෙන් පසු ඇති විකිරණශීලී ශක්තියේ ඇති වන වර්ධනයෙන් මිනිස් ජීවිතයට හා පරිසරයට වන හානිය පිළිබඳව ය. පිළිකා ඇති කරමින් දීර්ඝකාලීන ව මාරක රෝගී තත්වයන් උදා කිරීම ගැනය. මේවාට විරෝධය දක්වන්නන් පවසන තවත් කරුණක් වන්නේ බොහෝ විට මෙවැනි අවිවලට ඉලක්ක වන තැන් ඇත්තේ වැඩි ජනගහනයක් ජීවත්වන නගරවල හා තදාසන්න පෙදෙස්වල බැවින් මෙවැනි අවිවලින් මිනිස් ජීවිතවලට වන හානිය ඉතා වැඩි බවය.

Bunker Buster Bomb in action.

clip_image006
කුරුල්ල මේ දේවල් ඔයාලට කියන්නෙ මේවගෙ ඒව අත්හදා බලන්නනම් නෙවෙයි. දැනුමට විතරයි. එහෙනම් තවත් ලිපියකින් ලගදිම හමුවෙමු.

(තොරතුරු : අන්තර්ජාලය-wikipedia , fb)

Sunday, September 16, 2012

0 Windows Xp නෝට්පෑඩ් එකෙන් Genuine කරගනිමු.

කලින් ලිපියෙන් කුරුල්ල ඔයාලට කිව්වෙ කොහොමද Windows 7 gennuine කරගන්නෙ කියලනෙ. ගොඩක් දෙනෙක්ට තිබුන ගැටළුව තමා Windows Xp වලටත් මේක යොදා ගන්න බැරිද කියන එක.ඒ වැඩේට කදිම පිලිතුරක් තමා අද ලිපියෙන් කුරුල්ල ඉදිරිපත් කරන්නට යන්නෙ.



මුලින්ම ඔයාගෙ notepad එක open කරගෙන ඒකට පල්ලෙහා තියෙන code 1 copy කරල past කරගන්නකෝ.

Monday, September 10, 2012

0 windows7 genuine කරන්න Serials,Crack හොයපු කාලෙ ඉවරයි


කාලෙකින් ලිපියක් බැරිඋනානෙ. ඒකටත් හරියන්න කියල කුරුල්ල ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල හිතෙන මාතෘකාවක් ගැන කතා කරන්න තීරණය කලා. ඔයාල දන්නවනෙ ඉතින් windows 7ගැන. හැමෝම වගේ වැඩිපුරම භාවිතා කරන්නෙ windows නෙ.ඒත් ඉතින් ගොඩ දෙනෙක්ට එන ප්‍රශ්ණයක් තමයි මේ windows7 genuine (ජෙනුයින් )කරගන්න එක.විශේශයෙන්ම machine එක format කල වෙලාවට පල්ලෙහා තියෙනව වගේ පෙන්නන්න ගන්නවනෙ.


ඉතින් අපේ අයත් windows genuine කරගන්න කියල නොයෙක් විදිහෙ crack files,softwares,keys බොහොම අමාරුවෙන් හොයාගෙන පාවිච්චි කරන්න ගන්නවනෙ. හැබැයි දැන් ඉතින් ඔන්න හැම තැනම මේ ජිල්මාට් හොය හොයා ගියපු කාලය ඉවරයි.ඕනි වෙන්නෙ command prompt එක විතරයි. හික්ස්…නියමයි නේද ??

දැන් බලමු කොහොමද  command prompt එක යොදාගෙන  windows7  genuine   කරගන්නෙ කියල.

මුලින්ම  Administrator විදිහට  command prompt එක open කරගන්න..ඒ සදහා Start >> All programs >> Accessories ගිහින්  command prompt එක right click කරල Ran as Administrator යන්න..


දැන් එන command prompt එක open වෙයි.ඒකෙ SLMGR –REARM ලෙස type කරන්න.

                                                   


පල්ලෙහා තියෙන විදිහට box එකක් open වෙයි.


Monday, August 27, 2012

2 ලංකාවේ අපිටම වෙන්වූ ශ්‍රීfacebook


අදත් කුරුල්ල කලබලෙන්ම වගේ දුවගෙන ආවෙ ඔයාලට අලුත්ම තොරතුරක් දෙන්න. ඔයාල දන්නවනෙ ඉතින් නැවුම් දේ ,,අළුත් දේ හැමදාම කුරුල්ල ඔයාලට තිලිණකරන විත්තිය.හරි හරි වැඩි කතා ඕනි නෑ.
ඔයාල දන්නවනෙ ඉතින් facebook ගැන. හික් හික්.. මොකද අපි නොදන්නෙ??උදේ ඉදන් රෑ වෙනකන්ම facebook එකේ ඉන්න අපිට මොනාද මේ facebook ගැන කියන්න හදන්නෙ කියල. ඒත් මේ facebook නම් නොවේ.හුටා !!! එහෙනම්???  මේක  ශ්‍රීfacebook. ලංකාවෙ අපිටම කියල වෙන්වුනු මිතුරු සමාජ ජාලයක්.



මේක පටන් අරගෙන තාම් වැඩි දවසක් නෑ.හරියටම කිවුවොත් අගෝස්තු 14 වෙනිද උදේ 11.00ට තමා මේ ශ්‍රීfacebook පටන් අරගෙන තියෙන්නෙ.ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.නම හර්ශ..මෙයාගෙ වයස අවුරුදු 29යි.
ශ්‍රීfacebook වෙතට පිවිසුනාම ඔයාලට දකින්න ලැබෙන්නෙ මෙහෙමයි.



ශ්‍රීfacebook එකේ වැඩ තනිකරම වෙන්නෙ සිංහලෙන්.දැන් ඉංග්‍රීසි වලට මෙච්චර කාලයක් අකමැත්තෙන් හිටපු අයට කියාපු පිලියමක්.සිංහල භාෂාව සයිබර් අවකාශය හරහා ලෝකය අතරට ගෙනයන ගමනට මේ මිතුරුසමාජ ජාලයත් ගොඩක් උපකාරී වෙයි කියල කුරුල්ල විශ්වාස කරනව.
ඔයාලත් මේ මිතුරුජාලයත් එක්ක එක්වෙන්න කැමතිනම් පහත සබැඳියෙන් අළුත් ගිණුමක් විවෘත කරගන්න.



 වැඩිය විස්තර කරන්න දෙයක් නෑ.හැමෝම දන්න කියන භාෂාවෙන්නෙ තියෙන්නෙ.ශ්‍රීfacebook ගැන ඒකෙ www.srifb.com web team එක සඳහන් කරන්නෙ මෙහෙමයි.

                ~~~~~~~~~~~~~~~~~~~
 අප දැක්ම - සමාජයට යහපතක් වන හිතකාමි සමාජ ජාලයක් නිර්මාණය....
අපේ මෙහෙයුම - ශ්‍රි ලාංකික සියල්ලන් මෙහි සාමාජිකයන් වීම තුලින් ලංකාවේ අංක 1 සමාජ ජාලය වීම

අපේ අරමුණ ලංකාවේ හැමොටම එකතු වන්න පුලුවන් අපේම කියා අනන්‍යතාවයක් ගොඩනැගෙන සිංහල මුණුපොතක් නිර්මාණය කිරීමයි. ලංකාවේ භාෂා අවබෝධය අවම කම නිසා මුලුගැන්වුනු සන්නිවේදනය යලි ගොඩගැනිමට යම් දායකත්වයක් දැක්විම අප පරම අභිලාෂයයි. අපේ දේ අගය කරන්නන්ට මෙය මහගු රුකුලක් වනු නොඅනුමානයි. එවිට ඔබට ඔබේ නෑ හිතවතුන් මිතුරන් පවුලේ අය සමග හිතවත්කම වඩවඩා පුලුල් වනු ඇත. සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසියෙන්ද මෙම අඩවිය ඔබට පාවිච්චි කලහැක.

මෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු අතිශය සුරක්ෂිත අයුරින හැසිරවිය හැක. තවද ඔබගේ ගිණුමේ වැදගත් තොරතුරු කාටවත් හොරෙන් ලබා ගතනොහැක. මක්නිසාද අප එම තොරතුරු ඔබගෙන් ගනු ලබන්නේ සුරක්ෂිත සම්බන්ධයකිනි. (secured connection). ඒවා ආරක්ෂා කිරීමට අපි බැදි සිටිමු. එයයි අපේ වගකිම. එය අපි නොපිරි හෙලා ඉටුකරමු.

ෆේස්බුක් එක වගේම තමාගේ පැතිකඩක් සාදාගත හැකිය. තවද එය තමාට අවශය පරිදි නිර්මාණය කරගත හැක. තමාගේ ඡායාරූප විඩියො තමාට අවශ්‍ය පරිදි තබා ගත හැක.

මිතුරන් සෙවිය හැක. සොයා ඔවුන්හට මිතුරුවිමේ ඉල්ලීම් යැවිය හැක.

තමාගේ ප්‍රේක්ෂක පිටු නිර්මාණය කරගත හැක. එමගින් මිනිසුන් අතරට යාහැක. තවමත් නොයෙක් අතහදා බැලිම් කරමින් සිටී ... ඉදිරියට නවතම අංගෝපාංග (apps, development ) වලින් මෙය සමන්විත වනු ඇත. ලගදිම ටයිම්ලයින් ප්‍රේක්ෂක පිටු වලට අනුයුක්ත වේ.

තමන් ආසා කැමති කරන අය. ඡායාරුප . පිටු නම් කල හැක. මිතුරන්ට සංඥා කල හැක. යහලුවන්ට මිතුරුවිමට තවත් යහලුවන් නම් කලහැක. කැමති ඡායාරුප හො ඕනැම දෙයක් යහලුවන්හට යෝජනා කලහැක.


Wednesday, August 15, 2012

2 ගැටකපන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.


                                     මාතෘකාව දැක්කම ඔයාල කල්පනා කරනව ඇති අද මොකක් ගැනද මේ කියන්න යන්නෙ කියල.ගැට කපන්නො එහෙමත් නැත්නම් pickpocket කාරයො කිව්වහම හැමෝටම මතක් වෙන්නෙ බස් එකේ තෙරපි තෙරපි යන ගමන් බිමන් ගැනනෙ.බස් එකෙන් බහිනකොට ලස්සනට අපේ මුදල් පසුම්බියට,එහෙමත් නැත්නම් ජංගම දුරකථනයට වැඩේ දීල තියෙනවනෙ.හැබැයි ඉතින් ගැටකපනව කියන ඒකත් ලේසියෙන් කරන්න පුළුවනැයි.මනා ඉවසීමක් හා හොද පුහුණුවක් අනිවාර්යෙන්ම තියෙන්ට එපායැ.නැත්නම් ඉතින් දන්නවනෙ වෙන වැඩේ.

ඔයාල දන්නවද.වැඩියෙන්ම ගැට කපන්නො ඉන්නෙ කොහෙද කියල.ලංකාවෙත් ටික දෙනෙක් හිටියට ලෝකෙ වැඩියෙන්ම ගැට කපන්නො ඉන්නෙ බාර්සිලෝනා වල සහ රෝමයේ.







ඔයාල හැමෝම වගේ බලල තියෙන ජේම්ස් ‍ෆ්‍රීඩ්මන් විසින් 2005දි හදපු  ‍ෆිල්ම් එකක් වන ඔලිවර් ට්විස්ට් වලත් කියවෙන්නෙ ගැට කපන්නන්ට අසුවෙච්ච පුංචි කොළුගැටයෙක් ගැනනෙ.‍ෆිල්ම් එක බලල නැත්නම් ඔයාල චාර්ල්ස් ඩිකන්ස් ලියපු  ඔලිවර් ට්විස්ට් නවකතාව හරි පරිවර්ථනයක් හරි කියවල ඇති කියල කුරුල්ල හිතනව.








                    ලෝකයේ ඉන්න දක්ෂතම ගැට කපන්නෙක් තමයි බොබ් අර්නෝ කියන්නෙ.මෙයා උපතින් ස්වීඩන් ජාතිකයෙක්.ඒත් 1992 දී ඇමෙරිකානු පුරවැසි භාවය ලබාගෙන තියෙනව.How to Avoid Thefts, Cons, and Street Scams(Bonus Books, 2003) ආදී පොත් පවා මොහු ලියා තිබෙනවා.හැබැයි විහිලුවට තමා මෙහෙම කරන්නෙ.ඇත්තට කරන්න ගියොත් ඉතින් වෙන දේ දන්නවනෙ.විකිපීඩියාවෙ මෙයා ගැන ගොඩක් විස්තර තියෙනව.බලන්න මෙතනින් යන්න.

මෙයාගෙ වෙබ් අඩවියත් බොහොම අලංකාර එකක්.ඒක බලන්න මෙතනින් යන්න.

ප්‍රසිද්ධ වේදිකාවට ගෙන්වන මහත්වරුන්ගේ නොයෙක් දේවල් ලස්සනට හොරකම් කරන හැටි ඔයාලට පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවනි.





Mediafire වලින් මේ වීඩියෝව download කරගන්න පහත සබැදියේ ක්ලික් කරන්න.
                                         


මොහුගේ තවත් වැඩ කිඩ බලන්න පහත සබැදියේ කොටන්න.


                                       



Monday, August 13, 2012

1 අනාගතය කොහොම වෙයිද??


                          ඔන්න අදත් නිදහස් කුරුල්ල ඔයාලට වටින කියන දෙයක් අරගෙන ආව.ඔයාලත් කැමති ඇතිනෙ ඔයාලගෙ අනාගතේ කොහොම වෙයිද,ඔයාගෙ ගතිලක්ෂණ මොනවගේද කියල දැන ගන්න.ඔන්න ඔය වැඩේට කියාපු සොෆ්ට්වෙයාර් එකක් තමා අද දෙන්න යන්නෙ.ඔයාලගෙ ගතිලක්ෂණ ,ඔයා මොනවගේ දේවල් වලටද කැමති,මොනවද තියන දුර්වලතා, වගේ ගොඩක් විස්තර මේකෙන් උපන්දිනය අනුව සහ ලග්නය අනුව බලා ගන්න පුළුවන්.
මේක ඉන්ස්ටෝල් කරගෙනම බලන්නකො.



ඉන්ස්ටෝල් කරගන්න විදිහ:
              පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් මේක බාගන්න.7-Zip හරි Win-RAR හරි භාවිතයෙන් Extract කරගත්තට පස්සෙ SETUP.exe කියන ෆයිල් එකෙන්  සාමාන්‍ය විදිහට සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කර ගන්න.ඊට පස්සෙ සොෆ්ට්වෙයාර් එක open නොකරම TOF Patch කියන folder එක open කරගෙන ඒකෙ තියෙන TOF patch.exe එකෙන් Patch එක දාගන්න.ඊට පස්සෙ ඉතින් දන්න කියන කට්ටියගෙ අනාගතේ බලන් හිටිය වගේ කියන්න.


මේක නිවැරදිව කරගන්න විදිහෙ ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාන්න.තවත් විස්තර ඇතුව පැහැදිලි කරන්නම්. 

Download  Teller Of Future



                  අද කේන්දර ගැන කතාකරපු නිසා තවත් එලම සොෆ්ට්වෙයාර් එකක් දෙන්න කුරුල්ල තීරණය කලා.මේක දාගෙන ඔයාලට නියමෙට කපුකම් එහෙම කරන්න පුළුවන්.ඒ නැතත් ඔයාගෙ පෙම්වතාගෙ හරි පෙම්වතියගෙ හරි කේන්දර ගැලපෙනවද කියලත් බලාගන්න පුළුවන්.මේකෙන් බොහෝ දුරට ඉතානිවැරදි තොරතුරු තමා දෙන්නෙ.දැන් ඉතින් කේන්දරකාරයො ලගට කේන්දරේ උස්සං දුවන්න ඕනි වෙන එකක් නැහැ.විස්තර කරන්න දෙයක් නැහැ.පාවිච්චි කරනකොට වැඩේ තේරෙයි.පැය 24 ඔරලෝසුවට අනුව උපන් වෙලාව දෙන්නකො.

Download match Software 

                                                                        
                                                          
තවත් ඔයාලට වැදගත් වන ලිපියකින් ලගදිම හම්බවෙමු.



 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla