Wednesday, September 28, 2011

0 2012දී මොකද වෙන්නේ.....

                             අද කුරුල්ලගෙ බ්ලොගයෙන් 2012 දී වෙන්නට යනවැයි කියන ලෝක විනාශය ගැන කතාකරන්න තීරණය කොලා.ඇත්තටම 2012දී ලෝකෙ විනාශවෙනවනම් ඉතින් කුරුළු ගමන තවත් වේගවත් කොරන්න වෙයි කියල තමයි කුරුල්ලටනම් හිතෙන්නෙ..අද මේ කියන්න යන කතාව සයිබර් අවකාශයේ සැරිසරණ ගමනෙදි හම්බ වුන ඔයාලටත් වැදගත් වෙයි කියල හිතුන කාරණාවක්.  මේ දවස් වල ලෝක විනාශය ගැන ගොඩක් ලිපි පලවුනත් එවුවයෙ ඇත්ත නැත්තනම් ඉතින් ඔයාලටම තමයි තීරණය කරන්නට වෙන්නෙ..

පසු ගිය දා weeklyworldnews මගින් පල කල ලිපියකින් දැක්වුණේ 2012 වනවිට ලෝකය විනාශ කිරීම සදහා පිටසක්වල ප්‍රහාරක යානා තුනක් පැමිණෙන බවයි.එම පුවත අපේ රටේ එක් පුවත්පතකද පල කොට තිබුණා.

මේ දිනවල ලංකාව ඇතුළු ලෝකය පුරාම ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසය නිසා බොහෝ දෙනෙක් මෙය ලෝක විනාශයේ පෙරනිමිතිදැයි සැක පහල කරනවා. සියලු කරනු කෙරෙහි සැක පහල නොකොට ලෝක විනාශයක් ඇති විය හැකි කරුණු පිලිබද මුලින්ම සොයා බැලිය යුතුය.

පසුගිය කාලය පුරාම විවධ පර්යේෂණ වල ප්‍රතිපල ලෙස විද්‍යාඥයින් ලෝක විනාශයට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු කිහිපයක් සොයා ගෙන ඇත.සයන්ටික් ඇමරිකා සගරාව හෙළි කල පරිදි එම කරුණු මෙසේයි.

දේශගුණික විපරීථ ,පෘතුවි පෘෂ්ටයේ ඇතිවන විපරීථ හා විශ්වයේ සිදුවන ග්‍රාහක ගැටිම්ය.

මෙම සිදුවීම් තුල පහත දැක්වෙන ඒවාද ඇතුලත්වේ.


පෘතුවියට කඩා වදින සුරිය ගිනි දැල්
ගෝලීය උණුසුම මුල්කොටගෙන සිදුවන ක්‍රියාවලි
මරණිය වසංගත
ගම කිරණ විශ්වයේ බුබුළු සංසිද්ධිය
ගිනි කදු පිපිරීම්
භූ චලන හා භූ විනාශයන්
ග්‍රාහක ගැටීම


2012 ලෝක විනාසය සිදු වන බව කියවන කතාවේ මුලාරම්භය වනුයේ මායාවරුන්ගේ දින දර්ශනය 2012 -12 -21 පසුව අවසන් වන බවත් ඉන් පසුව ලෝකය විනාශය සිදුවන බවට ගොඩ නැගුන කතාවයි.

ක්‍රිස්තුපුර්ව 2600 පමණ ආරම්භ වූ මාය ශිෂ්ටාචාරය සැබවින්ම ගණිත විද්‍යාව හා තාරක විද්‍යාව අතින් ඉතා ඉහල දැනුමකින් යුක්ත පිරිසක් වුහ.එම නිසා එම කාරණයද සුළුවෙන් බැහැර කල
නොහැක.


නමුත් ලංකාව වැනි රටකට වඩා වැදගත් වනුයේ බුදු දහමේ හා ජෝතිශයේ අනුසාරයෙන් ලෝක විනාශය

Sunday, September 18, 2011

0 මදුරුවාට එරෙහිව මදුරුවෙක්

             අද කුරුල්ලාගේ බ්ලොගයෙන් මදුරුව ගැන කතාකොරන්න ඉඩක් වෙන්කරන්න කල්පනා කොලා.මේ දවස් ටිකේ කොලඹ පැත්තෙ වගෙම තවත් ගොඩක් පැති වල ඩෙ0ගු මදුරුවගෙන් කරදර සිද්දවෙනවයි කියල තමා කුරුල්ලට දැනගන්න ලැබුනෙ.කුරුල්ලගෙත් මිත්‍රයො කිහිප දෙනෙකුටම මේ ඩෙ0ගු වස0ගතය වැලදිල තිබුන.කුරුල්ලත් එක්කල රැදෙන ඔයාලගෙ ආරක්ෂාවටත් එක්කල තමා මේක දාන්නෙ ඕන්.ඩෙ0ගු වලින් ආරක්ෂා වෙන හැටිනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි වෙන්නෙ නෑනෙ ඉතින්.කට්ටිය අවට වට පිටාව සුද්ද පවිත්‍ර නොකෙරුවට කරන හැටිනම් ඕනිවටත් වඩා දන්නවනෙ?
                  හරි හරි..අද කියන්න යන දේ අපිට හොද උනාට මදුරුවනම් අකමැති දෙයක් වෙන්න ඕන...ඇමෙරිකාවේ ඇරිසෝනා කියන විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කට්ටියක් මරු සොයාගැනීමක් කොරල තියෙනවලු.ජානතාක්ෂනය ගැනනම් ඔයාල දන්නව ඇතිනෙ.මෙන්න මේ ජාන තාක්ෂණය යොදාගෙන "ප්ලස්මෝඩියම්" පරපෝශිතයට එරෙහිව සටන් කරන්න පුලුවන් නව මදුරුවෙක් නිර්මාණය කරන්නට මේ ගොල්ලො සමත් වෙලා තියෙනව.එතකොට ඉතින් ඔය ලෙඩ බෝකරන මදුරුව විනාශ වෙලා නව මදුරු විශේෂය ඒ තැනට පත්වේවි. හැබැයි ඉතින් මේ වැඩේ සම්පූර්ණ කොරන්න නම් තව අවුරුදු 10ක් විතර යයි කියල තමයි කුරුල්ලට ආරණ්චි වුනේ.ඒ වගෙම ලෝරන්ස් ලිවර්මෝර් ජාතික රසායනාගාරයේ "මයිනර්වෝල්ඩ්" කියන විද්ද්‍යාඥයා මදුරුවන්ව විනාශ කරන්න පුලුවන් ලේසරයකුත් නිපදවල තියෙනව කියල කුරුල්ලට ආරණ්චි වුනා..මදුරුවන්ගෙ ශරීරයෙන් පිටවෙන තාපය හදුනාගෙන මිනිස්සු,කුරුල්ලො වගේ අනිත් සත්තුන්ව මග ඇරල එයාලව විනාශ කරන්නට මේ ලේසරයට පුලුවන්ලු...

අපිට ඉතින් එච්චර කාලයක් බලාගෙන ඉන්න බෑනෙ නේද??ඒක හින්ද මෙන්න මේ පල්ලෙහා තියෙන software කෑල්ල බාගන්නකො මදුරු වදයෙන් මිදෙන්න...

Thursday, September 8, 2011

0 අපේ රටිනුත් දැන් හැකර් මෙහෙයුම්

        කුරුල්ලගෙ පහුගිය බ්ලොගයෙන් ඔයාට කිවුවනෙ ල0කාවෙ හැකර් කණ්ඩායමක් SLT එකේ DNS දත්ත ලීක් කොරලයි කියල.ඒක හින්ද කුරුල්ල කල්පනා කොලා මේ ලන්කාවෙ ඉන්න හැකර් කණ්ඩායම වගෙම DNS දත්ත ගැනත් ඔයාලව දැනුවත් කොරන්න.

       ඔය DNS දත්ත හොරකමට මූලික වෙලා තියෙන්නෙ අපි පහුගිය දවස් වල වැඩිපුර කතාකරපු Anonymouse ලගෙ ල0කාවෙ ඉන්න නියෝජිත කණ්ඩායම තමා.මේ ගොල්ලො SLT එකට විතරක් නෙවෙයි තවත් ල0කාවෙ ගොඩක් ආයතන වල DNS දත්ත ලීක් කොරල තියෙනව කියල තමයි කුරුල්ලට ආරණ්චි වුනේ...
          $.ශ්‍රී ල0කා රජයේ දත්ත ගබඩාවට,
          $.සීමන්ටෙක් ආයතනයේ නිල වෙබ් අඩවියට,
          $.පාර්ලිමේන්තු වෙබ් අඩවියට,
          $.නාවික බලකායේ වෙබ් අඩවියට,
          $.ඩයලොග්ලගෙ වෙබ් අඩවියට,
          $.Skype,
          $.Facebook,
          $.MicroSoft
   
            වගේ ආයතන වලට අදාල DNS දත්ත මේගොලො හොරකම් කොරලලු තියෙන්නෙ.ඒත් කුරුල්ලට ලැබුනු ආරණ්චි වලින් කියවුනේ මෙයාල දත්ත ලීක් කොලාට එව්ව වෙනස් කිරීම් වලට ලක් කොරන්නනම්(සමහරක) සමත් වෙලා නෑ කියල.කෙසේ වෙතත් මෙරට සිට සයිබර් ප්‍රහාරයක් එල්ල වු බවට මෙතෙක් තහවුරු වු සාධක නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය පවසනවා‍.
එවැනි ප්‍රහාරයක් එල්ල වුයේ නම් ජාත්‍යන්තරයෙන් සිය ආයතනය වෙත තොරතුරු ලැබෙන නමුත් එවැන්නක් මෙතෙක් ලැබී නොමැති බවයි එම ආයතනය පවසන්නේ‍.                 
කොහොම උනත් මේ හැම ආයතනයක්ම ඒගොල්ලන්ගෙ දත්ත වල ආරක්ෂාව වැඩි කොරගන්න නම් තීරණය කොරලයි තියෙන්නෙ.බලාගෙන ගියහම ල0කාවෙත් ඉන්නෙ මාර ඩයල්නෙ කියල කුරුල්ලට හිතෙනව....

මේ ගැන තවත් විස්තර පහත ලින්කු වලින් ගිහිල්ල බලන්නකො.
  http://news.hitb.org/

ඒ ගොල්ලන්ගෙ ප්‍රකාශය බලන්න Read More යන්නකො.

1 ල0කාවටත් හැකින් මේනියාව...

ඔන්න දැන් ල0කාවෙ කට්ටියත් හැකින් වැඩ පටන් අරගෙන කියල කුරුල්ලට ආරණ්චි වුනා..මේ ගොල්ලො SLT එකේ DNS දත්ත කාන්දු කොරල තියෙනව කියල තමයි ආරණ්චිය..


ශ්‍රි ලංකාවෙ විශාලතම සහ රාජ්‍ය අන්තර්ජාල සෙවා සපයන ආයතනයක් වන  ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම
ඇනෝනිමස් හැකර් කණ්ඩායමක් විසින් ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමෙ DNS එක කාන්දු වි ඇත.Primary DNS Server එක DNS Cache Snoop Poisoning with Zone  Poisoning/Transferring අදාරයෙන් හැක් කර ඇත.මුළු DNS Pool, Corporate Customers, Production Servers, Testbeds හි සියළුම දත්තයන් කාන්දු වි ඇත.සියලුම දත්තයන් පහත දක්වා ඇත.



Sri Lanka's Largest and National Telecom Provider's DNS Leaked by Anonymous Sri Lanka  Primary DNS Server Hacked with DNS Cache Snoop Poisoning with Zone  Poisoning/Transferring. Entire DNS Pool, Corporate Customers, Production Servers, Testbeds data leaked. by the hackers.details by Nidahas Kurulla,.





Sri Lanka's Largest and National Telecom Provider's DNS has been Leaked


EXCLUSIVE FROM - Anonymous Sri Lanka


WWW.SLT.LK -----> DNS Leaked and Busted


Sri Lanka's Largest ISP
Sri Lanka's National Telecom Service Provider


Primary DNS Server Hacked with DNS Cache Snoop Poisoning
with Zone Poisoning/Transferring (Data Leak)....!!

Hail to Anonymous, Lulzsec and Operation Anti-Sec...
Entire DNS Pool, Corporate Customers, Production Servers, Testbeds...!!!


-----   slt.lk   -----
[0m [1;31m


Host's addresses:
__________________


[0mslt.lk                                   5        IN    A        220.247.222.74
[1;31m


Name Servers:
______________


[0mp1.ns.slt.lk                             5        IN    A        203.115.0.1
s2.ns.slt.lk                             5        IN    A        203.115.0.19

Sunday, September 4, 2011

0 මායාකාරී රටා මවන මැජික් අ0කය


     ඔන්න අද නිදහස් කුරුල්ලගෙ ස0චාරයෙන් ඔයාලව ජර්මනියට කැන්දන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.අද කියන්නට යන මේ අපූරු සිදුවීම වාර්තාවෙන්නෙ ජර්මනියෙ නුරෙම්බර්ග් කියන ගම්මානයෙන්.හරියට විස්තර අතුව කිවුවොත් හෙම නුරෙම්බර්ග් වල හිටපු පුද්ගලයෙකුගෙ රජ සොයාගැනීමක් ගැන තමයි ඕ0 කියන්ට යන්නෙ.
මේ පුද්ගලයගෙ නම ඇල්බ්‍රට් ඩූරර්(Albrecht Durer).ඉපදිල තියෙන්නෙ 1471 මැයි 21 වෙනිද.මෙයා වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්.කෝ ඉතින් තාම මෙයා මොකක්ද හොයා ගත්තෙ කියල කිවුවෙ නෑනෙ..?.
      දවසක් මෙයා 4*4 කොටුවක් ඇදල ඕකෙ ඉලක්කම් ටිකක් දාගෙන ගියා.පස්සෙ ඉතින් ඕකෙ අර දාපු ඉලක්කම් ටික එක එක පැත්තට එකතු කොරලත් බැලුව.අප්පට බොල...රටා මහ ගොඩයි.ඇත්තටම නික0 මැජික් කොටුවක් වගේම තමා ඕන්.ඔයාලත් බලන්ටකො සිද්ධිය.


1).තිරස් අතට කොටුවල එකතුව බලන්න.   Eg : 16+3+2+13 = 34  

2).සිරස් අතට කොටුවල එකතුව බලන්න.    Eg : 16+5+9+4 = 34

3).කොන් හතරේ පිහිටි කොටුවල ඇති අ0ක වල එකතුව බලන්න.   Eg : 16+13+4+1 = 34

4).මෙහි අ0ක 3,8,14,5 සදහන් වන කොටු දෙස බලන්න.යම් රටාවකට වෘත්තාකාරව පිහිටා ඇති බව                 පෙනේ.දැන් එම කොටුවල ඇති අ0ක වල එකතුවද බලන්න.  Eg : 3+8+14+5 =  34
  ...මේ රටාවම යමින් ඉතිරි කොටුවලද එලෙසම සිදුවේ.  Eg : 2+12+15+5 = 34

5).මෙම කොටුවේ මැද පිහිටි කොටු හතරේ වු අ0ක වල එකතුවද බලමු.  Eg : 10+11+6+7 = 34

6).එමෙන්ම මුල් සිරස් පේලියේ 5,9 න් අගට සිරස් පේලියේ 8,12 න් යන අ0ක එකතුකර බලමු.                         Eg :  5+9+8+12 = 34
  ...මේ රටාවම යමින් තිරස් පේලි වලද සිදුවන්නේදැයි බලමු.  Eg : 3+2+15+4 = 34

7).දැන් කතිරයක් ආකාරයට යන පරිදි එක් මුල්ලක සිට අනෙක් මුල්ලට ඉලක්කම් වල එකතුවද බලන්න.
Eg : 16+10+7+1 = 34
       13+11+6+4 = 34

8).දැන් 5,3 යන අ0කත් 14,12 යන අ0කත් පිහිටා ඇති ස්ථාන දෙස බලන්න.යම් රටාවක් පෙනේවි.ඒවායේද එකතුව බලමු.  Eg : 5+3+14+12 = 34
  ...මේ රටාවම යමින් 2,8 ත් 9,15 ත් සලකමු.  Eg : 2+8+9+15 = 34

9).මේට අමතරව සරු0ගල් ආකාරයේ පිහිටි අ0ක රටාවද බලමු.
                                                                       Eg : 3+5+11+15 =  34
                                                                              2+8+10+14 = 34
                                                                              14+12+6+2 = 34


 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla