Monday, August 22, 2011

0 මුහුණු පොතේ අවසානය ලගද?

ලෝකෙ වටේ යන ගමනෙදි අපේ මේ කුරුල්ලට දැනගන්න ලැබුණු ආරOචියක් ගැන තමයි අද කියන්න යන්නෙ.ලOකාවෙ වගෙම මුලු ලෝකෙම කට්ටිය අබ්බැහිවෙලා ඉන්න එකක්නෙ ඉතින් facebook එහෙමත් නැත්නම් මුහුණු පොත කියන්නෙ.අද කුරුල්ල facebook ගැන කතා කරන්න ගත්තෙ විශේශ දෙයක් නිසයි.2011/නොවැම්බර්/05 මුහුණු පොතේ අවසානය කියල අනතුරු ඇගවීමක් නිකුත් වෙලා තියෙනවලුනෙ..අනේ ඉතින් මේ කුරුල්ලනම් නෙවෙයි ඔය අනතුරු ඇගවීම කරල තියෙන්නෙ.Anonymous කියන ලෝකප්‍රසිද්ධ හැකර් කණ්ඩායම තමයි මේක කියල තියෙන්නෙ.facebook එකේ ඉන්න ඇතැම් කට්ටියගෙ විස්තර එහෙම ෆේස් බුක් එකේ මහත්තුරු ඇමෙරිකානු ආරක්ශක කණ්ඩායම් වලට ලබාදෙන බවටත් මේ ගොල්ලො චෝදනා කරනව.facebook නිර්මාත්තෘ Mark Zuckerberg මහත්තය නම් මේ කතාව තරයේම ප්‍රතික්ශේප කොරල තියෙනවයි කියල තමයි කුරුල්ලට
ආර0චි උනේ...


2011/ජූලි මාසය වෙනකොට මිලියන 750 කට වඩා කට්ටියක් facebook එක්කල එකතුවෙලා තියෙනව නොවැ.ඒ වගෙම 2010 අග වෙනකොට facebook වල ආදායම ඇ.ඩො.බිලියන 2ටත් වැඩියිලු.බැරිවෙලා හරි මේකට දරුණු හැකර් ප්‍රහාරයක් එල්ල උනොත් එහෙම සෙල්ල0ද කොල්ලෝ කිව්වලු..ඔක්කොම කොට උඩනෙ...

මේ හැකින් ප්‍රහාර ගැන ඉදිරියෙදි
වැඩියෙන් කතා කලොත් හොදයි කියල කුරුල්ලට හිතුනෙ මේ ආරණ්චියත් එක්කල තමයි.facebook එකත් එක්කල සම්බන්ද වෙලා 2000කට වඩා සේවක පිරිසක් රටවල් 15කට වඩා විසිරිලා ඉන්න බව ඔයගොල්ලො දන්නවද?
ඒක හින්ද Mark මහත්තයත් කල් අතුවම මේ hacking ප්‍රහාරයට මුහුන දෙන්න සූදානම් වෙනව ඇති.
මොකද Anonymous කියන්නෙත් සෙල්ලම් කට්ටියක් නෙවෙයි හින්ද.අපි බලාගෙන ඉමුකො.2011/නොවැම්බර්/05
වෙනිද මොකද වෙන්නෙ කියල.......Anonymous සහ haking ගැන ඉස්සරහට තව වැඩිපුර විස්තර ටිකක් කියල දෙන්නම්කො.....

0 comments:

Post a Comment

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla