Friday, August 12, 2011

0 කෙප්ලර්ගේ නියතය..

නිදහස් කුරුල්ලාගේ පළවෙනි සOචාරක ගමන විදිහට හැමෝම ඉතින් ටිකක් අමාරුයි කියන ගණිතයේ සොදුරු තැන් හොයාගෙන යන්නට කල්පනා කෙරුව..අත්තටම ගණිතය කියන්නෙ අමාරු විශයක්ද??මේ ගැන හොයන්නත් එක්කල අපේ කුරුල්ල ගණිත පොත් පිටු පෙරලන්නට කාලය වැය කොරන්න තීරණය කොලා.එතකොට තමයි මෙන්න මේ අපූරු රටාව දකින්න හම්බවුනේ ඕන්..ටිකක් බලන්ටකො...ගණිතය කියන්නෙත් අත්තටම සුන්දර විශයක් බව
තේරේවි...


1) ඕනෑම ඉලක්කම් 4ක සංඛ්යාවක් ගන්න [හැබැයි ඔක්කොම එකම ඉලක්කම නොවන]
[උ.දා: - 4326 කියමු]
2)  දැන් ඒ සංඛ්යාවේ ඉලක්කම් එහා මෙහා කරලා හදන්න පුළුවන් විශාලම සංඛ්යාවත්කුඩාම සංඛ්යාවත් හදන්න.
විශාලම සංඛ්‍යාව හදන්න නම් ලොකුම ඉලක්කම දහස්ථානයටත් ඊළඟට ලොකුම ඉලක්කම සියස්ථානයටත් ආදී වශයෙන් ලිව්වාම හරි]
[මුලින් ගත්ත උදාහරණයට අනුව 6432]
කුඩාම සංඛ්‍යාව හදන්න අනික් පැත්තට ඉලක්කම් අසුරන්න.
[මුලින් ගත්ත උදාහරණයට අනුව 2346]
3) දැන් අළුත් සංඛ්යයා දෙකෙන් ලොකු එකෙන් කුඩා එක අඩු කරන්න.
[උ.දා: - 6432 – 2346 = 4086]
4) ලැබුණු සංඛ්යාවට ආයෙමෙත් පියවර අංක දෙකේ සිට කර ගෙන එන්න.
මෙහම දිගටම කරගෙන ගියාම එක වෙලාවක අංක 6174 ඇවිල්ලා එතනින් එහාට හැම වෙලේම 6174න් නතර වෙනවා. මෙම අපූරු රටාව හොයා ගත්තේ ඉන්දීය ජාතික ගණිතඥයෙක් වන D. R. Kaprekar. ඒ නිසාම අංක 6174 ට Kaprekar ගේ නියතය කියලත් කියනවා.
දැන් සම්පූර්ණ උදාහරණයක් අරන් බලමු. පටන් ගන්න ඉලක්කම විදියට ගම්මු 3425
[5432-2345 = 3087]
[8730-0378 = 8352]
[8532-2358 = 6174]
[7641-1467 = 6174]
[7641-1467 = 6174]
………..

ඔබත් වෙනස් විදිහෙ ඉලක්කම් අරගෙන උත්සාහ කොරල බලන්ටකො මේ කතාව ඇත්තද කියල.............

0 comments:

Post a Comment

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla