Sunday, August 21, 2011

0 මුදලාලිගෙ වාසනාව

අපේ මේ නිදහස් කුරුල්ල ලෝකෙ වටේ සැරිසරන ගමනෙදි බොහොම අපූරු ඇබැද්දියකට මුහුන දුන්න නොවැ.බයවෙන්ට කාරියක් නෑ.ඇබැද්දියක් කිව්වට ඉතින් ලොකු අනතුරක් හෙම නොවෙයි.සිද්දිය කෙටියෙන් කිව්වොත් හෙම මේකයි උනේ...අපේ කුරුල්ල කඩමණ්ඩිය පැත්තෙන් පියාඹගෙන පියාඹගෙන යනකොට ඕන් එක ගිනි විච්චුම්බරයයි.කඩේ මුදලාලි මහත්තය කාටදෝ මන්ද බණිනව බණිනව ඉවරයක් නෑ...අපේ කුරුල්ලත් ඉතින් ඕවගෙ දේවල් වලට හොට දානව වැඩියිනෙ..ඒක නිසාම ලගට ටිකක් කිට්ටු කරල බැලුව..
මේකයි සිද්දිය...මුදලාලිගෙ කඩේ බඩු කිරන 40kg තරාදි පඩිය කඩේ වැඩකරන කොල්ල අතින් බිම වටිල..මේක කෑලිවලට කැඩිල ගිහිල්ල නොවැ..හරියටම කිව්වොත් කෑලි 4කට.කොල්ලත් ඉතින් කොරගන්ඩ දෙයක් නැතුව බිම බලාගෙන ඉන්නව...කුරුල්ලටනම් ඉතින් පව් කියලත් හිතුන..ඕක ඉතින් මේ බ්ලොග් එකේ දාන්න තරම් දෙයක්යැ.ඔයගොල්ලො කල්පනා කොරනව ඇතිනෙ.. මෙහෙමයි..
ඔතන හිටිය ටිකක් පිලිවෙලකට ඇද පැලද ගත්තු මහත්තයෙක්.එයත් ඔය සිද්දිය බලාගෙනයි හිටියෙ.එයා අර කැඩුනු පඩ් 4 අරගෙන බැලුව.මෙහෙම ඉදපු මෙයා මුදලාලිගෙ කනට කොරල රහසක් කිව්ව.ශා......මුදලාලිට මාර සතුටුයි..හැම දේම වෙන්නෙ හොදටයි කියනවනෙ..මුදලාලිට දැන් 1kg ඉදල 40kg වෙනකම් ඕනෑම බරක් කිරාගන්ට පුලුවන් වෙලා නොවැ......
ඇත්තටම හිතන්න පුලුවනිද මොකක්ද වෙලා අත්තෙ කියල.ඒ කිව්වෙ අර පඩි කෑලි 4 බරවල් වෙන වෙනම කියන්න පුලුවනිද කියල........පොඩ්ඩක් හිතල බලන්නකො......උත්තරේ ඉතින් පස්සෙ කියන්නම්කො.......




















0 comments:

Post a Comment

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla