
චෙස් ක්‍රීඩාව ගැන ඉතින් ඔයාල දන්නවනෙ..චෙස් ක්‍රීඩාව කරන්නේ කොටු 64කින් යුක්ත සමචතුරශ්‍රාකාර පුවරුවකනේ. මේ ක්‍රීඩාව මුලින්ම හොයා ගත්ත පුද්ගලයා රටේ රජතුමා ගාවට ගිහින් ඒක කියලා දුන්නලු. රජතුමත් බොහොම පැහැදිලා තෑග්ගක් දෙන්න හිතලා කිව්වලු ඕනෑම දෙයක් ඉල්ලන්න කියලා.

මේ පුද්ගලයා කිව්වා රජතුමනි මට වැඩි යමක් ඕනේ නෑ, මේ පුවරුවේ පළවෙනි කොටුවට වී ඇට එකකුත්, දෙවෙනි කොටුවට වී ඇට දෙකකුත්, තුන්වෙනි කොටුවට වී ඇට හතරකුත්, හතරවෙනි කොටුවට වී ඇට අටකුත් ආදී වශයෙන් දෙන්න කියලා. රජ්ජුරුවන්ට බැලූ බැල්මට මේක ඉතාම සරල ඉල්ලීමක් වුණා. බොහොම හොදට හිනාවකුත් දාල භාණ්ඩාගාරිකට කිව්වලු මේ වී ගෝනිය දීල පිටත් කරල අරින්න කියල.වැඩේ පටන් ගත්ත භාණ්ඩාගාරිකට ටිකකින් තරු පේන්න ගත්තලු.දුවගෙන ගිහිල්ල රජතුමාට කිව්වලු මෙච්චර වී දෙන්නනම් භාණ්ඩාගාරයෙ වී නැහැ කියල.
දැන් බලමු මේ කියන්නේ වී ඇට කොච්චරක්ද කියලා. එක් එක කොටුවට අදාළ වී ඇට සංඛ්‍යාව ගුණෝත්තර ශ්‍රේණියකයි පිහිටලා තියෙන්නේ.
S63=20, 21, 22, 23, 24, 25, ……………………………, 263
එතකොට එකතුව වෙන්නේ
S63= (264-1) / (2-1) = 264-1= 18446744073709551615
ඔයාල දන්නව ඇතිනෙ වී ඇටයක සාමාන්‍ය බර කොච්චරද කියල.මෙන්න මේ ලින්ක් එකේ තියෙන හැටියටනම් ඉතින් මිලිග්‍රෑම් 20-30 අතර වෙනව.
අපි වී ඇටයක බර 25 mg කියලා හිතලා අවශ්‍ය වී ප්‍රමාණයේ බර බලමු.
(25 x 18446744073709551615) / 10^9 = මෙට්‍රික් ටොන් 461168601842.738790375
ආසන්න වශයෙන් කිව්වොත් මෙට්‍රික් ටොන් මිලියන 450,000 ක් !!!.
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව 2011 වර්ෂයේ මුළු ලෝකයේම වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 476 ක් වගේ වෙන්නේ. එතකොට මේ කියන්නේ සාමාන්‍යයෙන් වාර්ෂික ලෝක වී නිෂ්පාදනය වගේ 945 ගුණයක්.
කොහොමද වැඩේ හැටි…….!!. ඇත්තටම වී දෙන්න ගත්තා නම මම හිතන්නේ රජතුමාට තාමත් වී දෙන්න වෙනවා. මොකද ඉහත උදාහරණය අනුව 2011 ලෝක වී නිෂ්පාදනයම දුන්නත් අවුරුදු 945 ක් යනවා ගෙවලා ඉවර කරන්න. ඒ නිසා වෙන්න ඇති කතාවේ ඊළඟට කියන්නේ රජතුමා කිව්වා කියලා, “හොඳයි මම වී
දෙන්නම්, හැබයි ගැනලා ගන්න, පස්සේ කියන්න එපා අඩුවෙන් දුන්නා කියලා.”
මේ කතාවෙ virson ගොඩක් තියෙනව.මෙව්වත් බලන්නකො. :D
http://mukeshkulothia.blogspot.com/2012/06/awesome-power-of-compounding.html
දෙන්නම්, හැබයි ගැනලා ගන්න, පස්සේ කියන්න එපා අඩුවෙන් දුන්නා කියලා.”
මේ කතාවෙ virson ගොඩක් තියෙනව.මෙව්වත් බලන්නකො. :D
http://mukeshkulothia.blogspot.com/2012/06/awesome-power-of-compounding.html
හොඳ කතාවක්. මම මේක ඇහුවේ ඉස්කෝලෙ චෙස් ඉගෙන ගන්න කාලෙ. මට මේ කතාව අමතක වෙලා හිටියෙ.
ReplyDeleteඅපේ පැත්තෙත් ඇවිල්ල යන්ඩ
http://onlineitguru.blogspot.com/
කමෙන්ටුවට ගොඩක් ස්තූතියි මිත්‍රයා.දිගටම අපිත් එක්කම ඉන්න
Delete