
මාතෘකාව දැක්කමනම් ඔයාල කල්පනාකරනව ඇති මොකක් ගැනද මේ කියන්න යන්නෙ කියල. අද කුරුල්ලගෙ කතාවෙන් ඔයාලට කියන්න යන්නෙ ඔයාල හැමෝම වගේ හොදට අහල තියෙන කතාවක්.ඒත් ඔයාල මේ ගැන වැඩිය හිතන්න නැතුව ඇති කියල හිතල තමා මේ විස්තරේ කුරුල්ල ලියන්නෙ.කියවලම බලන්නකො වැඩේ කොච්චර දරුණුද කියල.
චෙස් ක්‍රීඩාව ගැන ඉතින් ඔයාල දන්නවනෙ..චෙස් ක්‍රීඩාව කරන්නේ කොටු 64කින් යුක්ත සමචතුරශ්‍රාකාර පුවරුවකනේ. මේ ක්‍රීඩාව මුලින්ම හොයා ගත්ත පුද්ගලයා රටේ රජතුමා ගාවට ගිහින් ඒක කියලා දුන්නලු. රජතුමත් බොහොම පැහැදිලා තෑග්ගක් දෙන්න හිතලා කිව්වලු ඕනෑම දෙයක් ඉල්ලන්න කියලා.
...